
( ක.ග. කරුණාරත්න)
රාජ්‍ය ඇමැතිවරුන් වන සිරිපාල ගම්ලත් සහ රොෂාන් රණසිංහ යන මහත්වරුන් අතර වී සහ සහල් මිල ගණන් සම්බන්ධයෙන් පෙරේදා උණුසුම් වචන හුවමාරුවක් ඇතිවිය.
තරුණ හා ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු හා වී ගොවීන්ගේ ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමට පොළොන්නරුවට පැමිණි අවස්ථාවේදී රාජ්‍ය ඇමැතිවරුන් දෙදෙනා අතර මෙම මත ගැටුම ඇතිවිය.
වී මොල් හිමියන් වී කිලෝව රුපියල් 60 ට මිලදී ගෙන සහල්වලින් අධික ලාභයක් ලබන බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා එහිදී පැවැසූ අවස්ථාවේ රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා ඊට එරෙහිව අදහස් දැක්වීම නිසා මෙම වචන හුවමාරුව ඇති වූ අතර අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මැදිහත්ව එය සමථයකට පත්කළේය.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති කිහිපයක ප්‍රගතිය සොයා ලැබූ නාමල් රාජපක්ෂ මහතා ඉන්දීය රජයේ පරිත්‍යාගයක් ලෙස පොළොන්නරුව කදුරුවෙල ඉදිවන ත්‍රෛභාෂා සංහිඳියා පාසල නිරීක්ෂණය සඳහා පැමිණි අවස්තාවේ ගොවි නියෝජිත පිරිසක් ඇමැතිවරයා හමුවීමට පැමිණ සිටියහ.
වී කිලෝවක රජයේ සහතික මිල වැඩිකරන ලෙස ඉල්ලමින් ගොවි නියෝජිතයන් එහිදී ඇමැතිවරයාට ලිපියක් බාරදුන් අතර ඇමැතිවරයා එහිදී පැවසුවේ රජය වී කිලෝවක සහතික මිල රුපියල් 50 ක් දක්වා වැඩිකර ඇති බවයි.
එම මිල කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව කී ගොවි නියෝජිතයෝ නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 65 ක් සහ කීරි සම්බා කිලෝවක් සඳහා රුපියල් 75 ක මිලක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කළහ.
සහල් මෝල් හිමියන් වී කිලෝව රුපියල් 60 බැගින් මිලදී ගනිමින් සිටියත් පසුගියදා රජය මගින් සහල් මෝල් වැටලීම නිසා ඔවුන් දැන් එම මිලට වී නොගන්නා බවද ගොවීහු ඇමැතිවරයාට පෙන්වා දුන්හ.
රාජ්‍ය ඇමැති රොෂාන් රණසිංහ මහතා එම අවස්ථාවේ ‘‘තමුන්නාසේලාගේ ඉල්ලීම සාධාරණයි. ඔවුන් 60 ට ගත්තට 60 ට සරිලන ගාණකට නෙවෙයි ලොකු ලාබයක් තියාගෙනනේ හාල් දෙන්නේ’’ යැයි පැවසීය.
එම අවස්ථාවේ ඊට එරෙහිව අදහස් දක්වමින් රාජ්‍ය ඇමැති සිරිපාල ගම්ලත් මහතා වැරදි අර්ථ නිරූපණ කරන්න එපා. හැටට අරගෙන තමයි එකසිය පහට දුන්නේ යැයි කීය.
ඒ අවස්ථාවේ දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිවූ අතර නාමල් රාජපක්ෂ ඇමැතිවරයා රොෂාන් රණසිංහ මහතාට සන්සුන්වන ලෙස උපදෙස්දී එය සමථයකට පත් කළේය.
ගොවි ජනතාවගේ මෙම ඉල්ලීම රජයට ඉදිරිපත්කර විසඳුමක් ලබාදෙන බව එහිදී ප්‍රකාශ කළ නාමල් රාජපක්ෂ ඇමැතිවරයා ආණ්ඩුව ගොවීන්ට අසාධාරණයක් කරන්නේ නැතැයිද කීවේය.


COMMENTS
මේ වගේ සංකීර්ණ ප්‍රශ්නයක් පේමන්ට් එකේ කතා කිරීමෙන්ම මේ තුන්ගොල්ලන්ගේම මොලේ තරම පේනවා...
තවත් එක නාට්‍යයක්...
නාට්‍ය සහ රංග කලාව...
සිරිපාල ගම්ලත් සහ රොෂාන් රණසිංහ අපි පාර්ලිමේන්තුවට පත් කළේ මහජන ප්‍රශ්න විසඳන්න සඳහායි. නමුත් රටේ ප්‍රශ්න පසෙකට දමා මේ දෙන්නා හැප්පෙනවා. මේ හැප්පෙන්නේ ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ සැබෑ ප්‍රශ්න සඳහා නම් නොවේ. මේ දෙන්නා උත්සාහ කරන්නේ පොලොන්නරුවේ වීරයා මම "පොර මම" බව මාධ්‍ය ඉදිරියේ ප්‍රදර්ශනය කිරීමට පමණි. අප රටේ ජනතා ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට මොවුන්ට හැකිද? පොළොන්නරුවේ ජනතාව මෙවැනි පොරවල් යළිත් පාර්ලිමේන්තුවට පත්කරන්නේද? තීන්දුව ජනතාව සතුයි...
මේ නාට්‍ය දැක්කම මෝඩයන්ට හරි සතුටුයි
වී කිලෝවට 30ක් දෙද්දී වැඩි කරන්න කියල කීව 60 කරා ආයෙත් අඬනවා. කීරි සම්බා වී කිලෝව 60-65 අරගෙන කීරි සම්බා හාල් කිලෝව විකුනන්නේ 225 ට.
හාල් මාෆියාව සමග වැලි මාෆියාව
රොශාන් රනසිංහගේ ව්‍යාපාර මොනවාදැයි මම නොදනිමි. නමුත් නිපුන සම්බා සිරිපාල ගම්ලත්ගේ බව දනිමි. ලංකාවේ සහල් මිල පාලනය ඩඩ්ලි සිරිසේනට හා සිරිපාල ගම්ලත්ට රිසි සේ කලහැකි බව විශ්වාස කරමි. එහෙමපිටින්ම සහල් ව්‍යාපාරය ඇත්තේ ඔවුන් දෙදෙනා සතුවය. මොවුන් මෙතෙක් මේ ව්‍යාපාරයෙන් පමනක් උපයා ඇති අති විශාල ධනයෙන් මෙවන් අසීරු අවස්ථාවක මුලු රටටම නොමිලේ සහල් සැපයිය හැකි බවයි මගේ හැගීම.
දැන් බලාගෙන ගියාම මේ කෝලම් නරඹනවට වඩා වෙන දෙයක් නැහැනේ අපට?
පාලන මිලට වැඩියෙන් වී මිලදී ගන්නවනම් පාලන මිලක් අවශ්‍ය නැහැ. ඒ නිසා පාලන මිල ඉවත් කර කන්න දෙක තුනක් බලමු මොකද වෙන්නේ කියල
ගොවීන්ගෙන් රජය වී මිලදී ගැනීම පවතින මිල වැඩි නොකළ යුතුයි. මන්ද රජය වී ගොවියන් සේම පාරිභෝගිකයින්ද සුරැකිය යුතුයි. ඔය හඬ නගන ගොවීන් සහ අනෙක් අය මෝල් කරුවන් වෙනුවෙන් පමණක් පෙනී සිටින අයයි. දැනටත් සහල් මිල ගණන් අධික වුවත් පාරිභෝගිකයින් උද්ඝෝෂණය කරන්න යන්නේ නැහැ. විඳ දරාගෙන සිටිනවා...
පොහොර් නිකන් දීලා වතුර නිකන් දීලා රුපියල් 50 හාල් අරගෙන තව මොනවා කරන්නද?
මා කිසිදු දේශපාලන උවමනාවකින් පෑන මෙහෙයවන කෙනෙකු නොවෙයි.එය කෙසේ වෙතත්, මට සිතෙනා අයුරින් කිවහොත්, මේ ප්‍රශ්නයට ප්‍රධානම හේතුව වශයෙන් සිතිය යුතු වන්නේ,වී මෝල් හිමියන් හා තරඟ වැදී වී තොග මිලට ගෙන රටට බත සැපයීමට රජයට නොහැක්කේ මන්ද යන්නයි. වෙළෙඳ ඇමතිවරයාගේ පටන් රාජ්‍ය යාන්ත්‍රණයේ ඇති දුර්වලතාව මෙයින් හොඳහැටි ඔප්පු වෙනවා නොවේද ? මෝල් හිමියන් හා කරට කර සටන් කොට දිනීමට රජයට හා වෙළෙඳ ඇමැතිට නිසි අයුරින් ව්‍යාපාරික නුවණක් නැති බව නොවේද ? එසේ තිබුණේ නම්,ප්‍රශ්ණය විසඳීමට මේජර් ජෙනරාල් වරුන්ගේ සේවය අවශ්‍ය නොවනු ඇත.අමිහිරි සත්‍යය එයයි.
මේ අයගේ සංදර්ශන
පොලොන්නරුවට මොකටද ජොගින් ට්‍රැක්
රොෂාන් හරි
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ දැවැන්ත සහල් මෝල් දිරාපත් වෙනවා. ඒවා නැති කරල දැම්මේ දේශපාලකයෝ වාසි තකා
කොරෝනා අස්සේ මෙහෙම රැස්වීමක්.. තියන්න පුළුවන්ද?
තණකොල කන මීහරක්ට ඕවා තේරෙන්නේ නැහැ..
අනිවාර්යෙන් රජයක් හැටියට රටේ හැම දිස්ත්‍රික්කයකම වී මෝල් පිහිටවලා පුද්ගලික අංශයට තරඟයක් දිය යුතු
ඔය හාල් මෝල් ටික සුළු ජාතීන්ට අයිති නම් අද බොදු බල සේනා පාරේ ඉදන් බෙරිහන් දෙයි
දේශපාලුවෝ රටටම පේන්ඩ කරන්නේ බොරු රඟපෑමක් .මෙයාලව විස්වාශ කරනව බොරු.
ඇමෙරිකානු මල්ලවපොර තරගයක් වගේ...
ව්‍යාපාරිකයොත්, ඇමැතිවරුත් එකම වනවිට එකම ප්‍රශ්න කෙසේ විසඳන්නද .කුඩා මෝල් හිමියන් කුඩු පට්ටම් කරපු නිසයි මෙහෙම උනේ .දෙගොල්ලකගේ හරි හාල් සතියක් වර්ජනය කරලා පෙන්නමුද ජනතාව මුදලාලිලාට කෝකා පෙන්නුවනම් මේක හරි යනවා
දේශපාලුවෝ රටටම පේන්ඩ කරන්නේ බොරු රඟපෑමක් .මෙයාලව විස්වාශ කරනව බොරු.