
(අංජුල මහික වීරරත්න)
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (හංසයා) පක්ෂයේ සහය ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දීමට තීරණය කර තිබේ.
කොළඹ නිපොන් හෝටලයේ දී මාධ්‍ය හමුවක් කැඳවමින් නව ප්‍රජාතන්වාදී පෙරමුණේ ලේකම් ශාමලී පෙරේරා මහතා පැවැසුයේ තම පක්ෂය පසුගිය ජනාධිපතිවරණ තුනේදී ම ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනකු සදහා නාමයෝජනා ලබාදුන් පක්ෂය බවයි.
2015 වසරේදී තම පක්ෂය නාමයෝජනා ලබාදුන් පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කළ බව ලේකම්වරයා කීය.
රට ඉදිරියට ගෙනයාම සඳහා සිටින එකම අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහතා බව ඉතා පැහැදිලි හෙයින් මෙම තීරණය ගත් බව ද පෙරේරා මහතා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහතා නොවේ මහත්මිය...!
ඔය පක්ෂයේ නිලධාරි දෙතුන් දෙනා හැරුණාම තව කී දෙනෙක් ඉන්නවද? එක අතකට පව් කියලත් හිතෙනවා.
මේ ලලිත් ඇතුළත්මුදලි මහතා ජීවත්ව සිටියදී .. ‘‘හංසයා‘‘ ලකුණින් තරග කළ පක්ෂය...
මේ ගොබ්බයින් ඉන්න තැනක ‘‘ලලිත් ඇතුළත් මුදලි‘‘ වගේ උතුම් මිනිසෙක්ගේ නමවත් කියන්න එපා. එතුමාට කරන අගෞරවයක් ඒක. ඒ තරමට දැන් ඉන්න මේ අය දැක්කාම අප්පිරියයි.
හන්සය ලකුණ ගොඩාක් අවස්ථා වලදී පැරදුණා.
රට ඉදිරියට ගෙනියන්න පුළුවන් රනිල්ටලු. මොකට කියනවාද? අවුරුදු ගණනාවක් තිස්සේ දේශපාලනේ කරපු කෙනාගේ කෙරුවාවල් ගැන අපිට අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ.
මේ තමයි දේශපාලන අනාථයෝ... වයසට ගියාටම බුද්ධිය වැඩෙන්නේ නෑනේ...!
ලකුණ රටට සුබයි !.රනිල්ට අසුභයි.! මන් සලකුණක් ඡන්දය ඉල්ලු එකෙක්වත් දිනුවේ නැහැ. හැබයි එක සුබ පෙරනිමිත්තක් තියෙනවා නෝන්ඩි නොවන ඡන්ද ප්‍රමාණය ලැබෙයි.. ඔය ලකුණු සල්ලිවලට දෙන එකක්නේ.. අනේ කාට කියන්නද...?
රනිල්, මට ඔබ ගැන හරිම දුකයි, ඔබ මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ නැහැ, මොකද අපේ පැත්තේ කවුරුත් ඔබ ගැන කතා කරන්නේ නැහැ, අනුර සහ සජිත් පමණයි.
රනිල් වැඩ්ඩා බව ලෝකයම දන්නවා. රටේ 2/50 මෝල්ලුන්ට ඕක තේරෙන්න තරම් මොලයක් නෑ
ඇත්තටම මේ මිනිස්සු මැරිලා ඉපදිලාද නැත්නම් මොන්ගල්ද .ඔය කියන රනිල් මහත්තයා රට වැටිලා තියන අගාධයෙන් ගොඩ ගන්න ගත්ත එක වැඩ පිලිවලක් කියන්න. කෙරුවේ ණය ගත්ත එකයි මොකක් හරි එකක් කුනුකොල්ලෙට විකුනපු එකයි .එක නිසා ඔබතුමාලා මිනිස්සු හිනස්සන්නේ නැතුව ඔය දෙන්නා තුන්දෙදෙනගක් චන්දේ රනිල් මහත්තයාට දෙන්න
රනිල්ගෙ අතීතය මේ මිනිසුන්ට අමතක හැටි.අවු.40 දේශපාලනය කරලා රටට දරන්න බැරි තරම් ණය අරගෙන රට බංකොලාත් වෙන තැනට පත්කරලා ,මිනිසුන්ට දරාගන්න බැරි තරමට බදුගහලා බඩු මිල , විදුලි බිල, වතුර බිල, ගෑස් මිල තුන් හතර ගුණයකින් වැඩිකරලා.වැඩ කරගෙන යන එකා රට ගොඩ දැම්මලු.මේක තේරෙන්නෙ නැති චන්දදායකයින්ට මොන විදියට ආමන්ත්‍රණය කරන්නද කියලා හිතාගන්න බෑ.රනිල් මේවට දෙපැත්තෙන්ම හිනාවෙනවා ඇති.
අනුර අවුරුදු ගානක් මේ පාර්ලිමේන්තුවේ හිටියා රටේ ජනතාවට දැනෙන යමක් කලා කියනවා නම් ඒ රට ගිනි තියලා විනාශ කරපු එක විතරනි.
අනුර තමයි දිනන්නේ