( ඔගස්ටින් ප්‍රනාන්දු)
හලාවත මැදවත්ත ධීවර ගම්මානයේ කලපුව අසළ මුහුදු යාම සඳහා සුදානම් කර තිබු එක් දින ධීවර යාත්‍රාවකට කිසිවකු විසින් ගිනි තබා මුළුමනින්ම විනාශ කර ලක්ෂ 10 ක පමණ අලාභයක් සිදු කර ඇති බව හලාවත පොලිසිය කියයි.
මෙම ගින්නෙන් යාත්‍රාව හා එහි සවි කර තිබු එංජිම මෙන්ම දැල් කට්ටලයද මුළුමනින්ම ගිනිබත්ව විනාශව ඇති බවත් කියයි.
අද ( 27 දා ) උදේ මසුන් මැරීම පිණිස ඈත දියඹේ රස්සාව කිරිමට සුදානමින් මැදවත්ත කළපු ඉවුරෙහි මෙම යාත්‍රාව රදවා තිබු බවත් රාත්‍රි අටට පමණ කලපු ඉවුරෙන් මත් වු ගිනි දැල් දැක ගොස් බලන විට එම යාත්‍රාව ගිනි ගෙන ඇති බව දුටු බවත් යාත්‍රාවේ හිමිකරුවන හලාවත මැදවත්තේ පදිංචි වර්ණකුලසුරිය ඇන්ටනි මාකස් ප්‍රනාන්දු නමැති ධීවර කාර්මිකයා පොලිසියට දන්වා ඇත.
මෙම ගින්න සම්බන්ධයෙන් අද ( 27 දා ) උදේ පොලිසිය විසින් පරික්ෂණ ආරම්භ කළ අතර මෙම ගින්න කිසියම් ඉන්ධන වර්ගයක් දමා සිදු කර ඇති බව මුලික පරික්ෂණ වල දි අනාවරණ වු බවත් කියයි.
මේ සම්බන්ධයෙන් ප්‍රන කිරිම සඳහා එක් පුද්ගලයෙකු අත් අඩංගුවට ගත් බවත් කියයි. හලාවත පොලිසිය පරික්ෂණ සිදු කරයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
හලාවත ධීවර යාත්‍රාවකට ගිනි තියලා:අයෙක් අත්අඩංගුවට