
(අංජුල මහික වීරරත්න)
හොරු ආරක්ෂා කරන බවට චෝදනාවට ලක්වූ ආණ්ඩුව විසින් හොරු අල්ලන නීති රැසක් පසුගිය දෙවසර ඇතුළත ගෙන ආ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
හොරු අල්ලන්නට ගෙන ආ එම ශක්තිමත් නීති පද්ධතිය විප්ලවයක් බව කී ජනාධිපතිවරයා එම නීති පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා විදෙස් පුහුණුව ලබාදී පලපුරුදු නිලධාරීන් බිහිකිරීමේ කටයුතු මේ වනවිට අධිකරණ අමාත්‍යාංශය විසින් අරඹා තිබෙන බව සඳහන් කළේය.
තෙල්දෙනිය අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට අද (15) සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව කීය.

COMMENTS
එහෙනම් මහ බැංකු හොරාව එහෙම ඒකට අහුවෙයි නේද?
ලබ්බ තමයි ගේන්නේ...!
ඒ වුණාට තාමත් තොග පිටින්නේ හොරා කන්නේ... මහත්තයෝ, හොරු අල්ලන්නට ගෙන ආ ශක්තිමත් නීති පද්ධතිය විප්ලවයක් වෙන්නේ රටම හොරාකාපු හොරුටික අල්ලලා ජීවිතේටම මහ උළු ගෙදරට දක්කපු දවසට මිසක් මේවාට නෙමෙයි. හොඳයි අපි විප්ලවය පටන්ගමු. මහබැංකුව කඩපු අයව මහ උළු ගෙදරට දක්කලාම...!!!
කරුණාකර "හොරා හොරු අල්ලයි" පොත කියවන්න...
හම්මේ... ලේසි වෙන්නේ නෑ. අඟහරු ලෝකෙවත් හැංගෙන්න ඕනේ...!
තව ටිකනේ ඔහොම යන්...
බළලා සිල් ගත්තා වගේ වැඩක්...!
හොරු අල්ලන්න නීති ගෙනෙන්නෙත් හොරු අල්ලන්න පත්වෙලා ඉන්නෙත් පට්ට හොරු රැළක් බව දන්න නිසා අපි ඕවාට රැවටෙන්නේ නැහැ.
ඉස්සර වෙලා තමම්ම අල්ලා ගන්න...
මම ගජමෑන් ගැන දැන ගත්තේ කුඩා කාලේ සිත්තරා පත්තරෙන්...! දැන් ඇත්තටම ගජමන් ලෙස ඉන්න අන්දරේ කෙනෙකුත් ලංකාවේ දැන් ඉන්නවනේ.
සමහර දේවල් තියෙනවා... ඒ දේ කොච්චර වැදගත් වුණත් කියන කෙනා දැක්කම හිනා යන... මේකත් ඒවගේ එකක් තමයි.
මහ බැංකුව කඩපු ලොකු හොරාට මොකද වෙන්නේ?
හොරු අල්ලනවා නම් ඉතින් වම් අතින්, දකුණු අත අල්ලගන්න.
හා හරි හරි... තාම නිලධාරීන් බිහිවෙලා නෑ නේද? මේවා තමයි දෙයියෝ සාක්කි කියන්නේ...!
කයිවාරු ගැහැව්වට තමුන් හොරු අල්ලන බවක් පේන්ඩ නැහැ.රටම හොරාකාලා විනාශ කරපු ,අධීකරණයෙන් පවා වරදකරුවන් වෙච්චි පට්ට හොරු සෙට් එක රකින බව නම් පේනවා.
හොරු වෙසින් අත් උස්සලා බලය ලබාදීපු මෙතුමා හොරුන්ට දඬුවම් දෙන්න නීති හදනකල් බලන්න ඉන්න අය පව්..
එහෙනම් මේ අපූරුවට ඉන්නේ...?
ඡන්දේ ළඟ නිසා
පළමුවෙනි හොරා තමුන් සිරිකොතේ හන්ගන් ඉන්න සල්ලි කන්දරාව. මහ බැන්කුවේ. කිසිම නීතියක් ගේන්න එපා. ජනතාවට තියෙන නීතිය හොඳටම ඇති එක රැයින් අල්ලන්න. අනුර කුමාර ළඟ එනකොට සේරම හොරු එළිවෙනවා..
කූඩුවට යන්න වෙනවාමයි ඒ නීතිය අනුව නම්..!
උත්තරීතරයි කියන පාර්ලිමේන්තුවේ ජනතා බදුමුදලින් දවසක්ම වාද-විවාද කරලා, පක්ෂ-විපක්ෂ ඔක්කෝම එකතුවෙලා SL ක්‍රිකට් එකේ දූෂණ-වංචා වලට විරුද්ධව යෝජනාවකුත් සම්මත කලාට පසුව නේද හිටපු ක්‍රීඩා ඇමැතිව ගෙදර ඇරලා SL ක්‍රිකට් සභාපතිව තියාගත්තේ...? ඒ ඔය කියන නීති රැසෙන් මොන නීතිය භාවිතා කරලාද?
අනේ මෙයා අල්ලන හොරු. ඡන්ද ළං වෙනකොට අපිට බයිලා කියවනවා. කොහේද යන මෝඩයෙක්...!
නෑ. සිරාවට? සීරියස්ද? මාරයි නේ! මම පළවෙනි පාරට මෙහෙම දෙයක් අහුවේ ජීවිතෙටම. දැන් හොරුන්ට අබ සරණයි. හොරු පව් නෙ?
ඔයා දැන් පරක්කු වැඩියි ලොක්කා. ඒක එක්කෙනෙක් කියලා ඉවරයි