
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා පාර්ලිමේන්තුවේ දී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙන අවස්ථාවේදී සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට ඩයනා ගමගේ මහත්මියගේ සහ ඩයනා කුමරියගේ නම පැටලිණි.
හේෂා විතානගේ මහතා පාර්ලිමේන්තුවේ දී හරීන් ප්‍රනාන්දු මහතා අමතමින් අැසූයේ "ඔබතුමාගේ රාජ්‍ය ඇමතිතුමිය මේ දිනවල යම් දෙයක් "ප්‍රමෝට්" කරන බවත් එයට ඔබ එකඟද ? යන්න පැහැදිලි කරන ලෙසත්ය.
ඊට පිළිතුරු දෙමින් හරීන් ප්‍රනාන්දු මහතා පැවසූයේ ලංකාවේ සමහර දේවල් මඩ ගහන්න ප්‍රකාශ කරන බවයි.
" සබඳ අපි කුඳු වෙනවද? කුඩු ගහනවා ද? කියා ඇතැම් සමාජ මාධ්‍යවල පළ කර තිබුණා. ඒ වගේ පහත් විදියට මඩ ගසා තිබෙනවා.
ඔය ප්‍රශ්නෙ ඩයනා කුමාරියගෙන් අහන්න.සමාවෙන්න,ඩයනා ඇමති තුමියගෙන් ඒ ප්රශ්නය අහන්න.එතුමිය හරියට උත්තර දේවි."

COMMENTS
දෙන්නාම කුමරියන්, සමාජයට සේවයක් කළ සහ කරමින් සිටින
ඊයෙ රා පාටියනම් තදට ගිහිල්ලා වගෙ.
දෙදෙනාගේම හැඩය එක වගේ නිසා පැටලෙන්න ඇති. / රටේ ජනතාවට ජීවත් වෙන්න බැරි තරම් ප්‍රශ්ණ තිබියදී පාර්ලිමේන්තුව තුල මේ ඇත්තන් කතා කරන්නේ මොනවද ? ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරියගේ , මෙරට ගංජා වගා කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙස වන යෝජනාව ඉතා හොඳ යෝජනාවකි. දේශීය ඖෂධ සදහා ගංජා ආනයනය කරන බැවින් ඉන් කොමිස් ගහන අයට සහ ඊට සහාය දෙන අය මීට විරුද්ධ වෙන්න පුළුවනි. ( ගංජා , ගැසීමට නොව ඖෂධ සදහා යම් නියාමනයක් යටතේ වගා කිරීම උචිත වනු ඇත.)
ඩයනා කුමරිය ලොවක් ආදරය කළ කොපමණ සුරූපී කාන්තාවක්ද? ලංකාවේ ලෝකල් ඩයනා වගේ ගොන් කරත්ත, ඩයනා කුමරිට සම කරන්න හදන්නේ පොල් පැලේ කන්නද?
වටේ යන තරම කොහොමද කියනවා නම් ඔය නම් විතරක් නොවේ, හමුවෙන අයටත් අමුතුම නම්වලින් තමයි එයා කතා කරන්නේ...
දැනුත් පොර ගහල වගේ
කිසිම සදාචාර සම්පන්න බවක් නැතිව පක්ෂේ සජිත්ට විකුණලා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමෙන්තුවට රිංගුවා මදිවට ආණ්ඩුව පැත්තට ගිහින් රාජ්‍ය ඇමති කමකුත් ගත්තු කෙනෙක් රටේ සදාචාරය සංස්කෘතිය ගැන හිතාවි කියල බලාපොරොත්තු වෙන්න තරම් අපි ලාමක නැහැ.
හරින්ට පැටලෙන එක තමයි මාරම ටැපලිල්ල. oh! පැටලිල්ල. හාහ් හාහ්....
ජනතාව පක්ෂෙට දීපු ආසනය අරගෙන පත්වෙලා මේ කරන පහත් වැඩම ඇති මෙයාව පිළිකුල් කරන්න. මෙවැනි අයට ලැබෙන ප්‍රතිඵලත් ඉතාම දුකක් වේවි දිනක...
යෞවනයේ පොපියන ශෘංගාරය ගත - සිත සලිත කරන කොට ගැහැවිවා ස්ස්-කි පාරක් ...ඇද ගනින් අප්පා මළවි කරලියට..
මේක මහ පඹගාලක්... මේකෙ නොපැටලුණු කෙනෙක් නැහැ..!
එංගලන්තයේ ‘ඩයනා‘ කුමාරි, අපිට ඉන්නේ ‘ගංජා කුමාරි‘...