
(සචිත්‍ර ගුණසේකර)
ගුවන්තොටුපොල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ සේවාව විදේශ සමාගම් දෙකකට දීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් අධිකරණයට අපහාස කළ බවට චෝදනා ලැබ සිටින හිටපු ආගමන විගමන පාලක හර්ෂ ඉලූක්පිටිය මහතා වෙනුවෙන් පෙනී නොසිටීමට නීතිපතිවරයා තීරණය ඇති බව අතිරේක සොලිස්ටර් ජනරාල් විවේකා සිරිවර්ධන මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයට අද (22) දැනුම් දුන්නාය.
හිටපු ආගමන විගමන පාලක හර්ෂ ඉලූක්පිටිය මහතා වෙනුවෙන් පෙනී සිටින බව දැනුම් දෙමින් නීතිපතිවරයා මීට පෙර පෙරකලාසි ගොනු කර ඇතත් ඔහු වෙනුවෙන් පෙනී නොසිටීමට නීතිපතිවරයා ගත් තීරණය දැනුම් දුන් අතිරේක සොලිස්ටර් ජනරාල්වරිය හර්ෂ ඉලූක්පිටිය මහතා වෙනුවෙන් පෙනී සිටින බවට දැනුම් දෙමින් මීට පෙර ගොනු කර තිබු පෙරකලාසියද ඉවත් කරග ගත්තාය.
ගුවන්තොටුපොල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ සේවාව විදේශ සමාගම් දෙකකට දීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ රඳවා සිටින ආගමන විගමන පාලක හර්ෂ ඉලූක්පිටිය මහතාට ඇප දෙන්නැයි කළ ඉල්ලීම ලබන 27 වනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවරුන් වන දිලිප් නවාස්, අචල වෙන්ගප්පුලි, සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලීණ.
විද්‍යුත් විසා නිකුත් කිරීමේ ක්‍රමවේදය පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණයට එරෙහිව හිටපු ඇමති පාඨලී චම්පික රණවක, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් ශ්‍රීලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් යන මහත්වරු ගොනු කළ පෙත්සම් සළකා බැලීමෙන් අනතුරුව අදාළ අමාත්‍ය මණ්ඩල තීරණය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් පසුගිය අගෝස්තු 02 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගය නිකුත් කර තිබිණී.
අධිකරණය නිකුත් කර තිබු එම අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක කිරීම හිටපු ආගමන විගමන පාලක හර්ෂ ඉලූක්පිටිය මහතා හිතාමතාම පැහැර හැරීමෙන් අධිකරණයට අපහාසයක් කර ඇතැයි සඳහන් කරමින් පෙස්සම්කරුවන් ඔහුට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ නඩු පවරන ලදී.
අදාළ චෝදනා වලට තමන් නිවැරදිකරු බව ඉලූක්පිටිය මහතා ප්‍රකාශ කිරීමෙන් පසු අධිකරණයට අපහාස කිරීමේ නව විධිවිධාන පනත යටතේ ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණී.
2025 නොවැම්බර් මස 04
447
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2206
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හර්ෂ ඉලුක්පිටිය ගැන නිතිපතිගේ මතය දැනුම්දෙයි