IMG-LOGO

හොරෙන් කෝල් ගත්තැයි බන්ධනාගාරයෙන් තවත් දඩුවමක්

(ඉන්දිකා රාමනායක)  

වව්නියාව තෝනිකල් ප්‍රදේශයේ නිවසක පැවති උපන්දින සාදයක් අතරතුර  එම නිවසට ප්‍රහාරයක් එල්ල කර ගිනි තබා  අඹුසැමි යුවළක් ඝාතනය කර තවත් 8 දෙනකු තුවාල ලැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වව්නියාව බන්ධනාගාරයෙ රඳවා සිටියදි ජංගම දුරකතනයක් භාවිතා කරමින් ඇමැතුම් 3292 ක ප්‍රමාණයක් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන්  එම සැකකරු ට හා  එම ජංගම දුරකතනය හිමි පුද්ගලයාට බන්ධනාගාර විනිශ්චය සභාව විසින්  මාස 4 ක සිරදඩුවම්  නියම කර ඇත.

මෙම සැකකරුවන් දෙදෙනා ට  චෝදනා ගොනුකරමින්  බන්ධනාගර විනිශ්චය මණ්ඩලය හමුවට  ඉදිරිපත් කර කිරීමෙන් පසු මෙම  දඩුවම නියම කර ඇති බව බන්ධනාගර මාධ්‍ය ප්‍රකාශක අතිරේක කොමසාරිස් ජෙනරාල් චන්දන ඒකනායක මහතා පවසයි.

මෙම නඩුවමට අමතරව ඔවුන් දෙදෙනා වව්නියාව බන්ධනාගාරයේ සිට අනුරාධපුර බන්ධනාගාර වෙත මාරුකර යවා ඇති බවද හෙතෙම කීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගර මුලස්ථානය විසින් මුලික විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්, මෙම දුරකතනය සැකකරුවන් අතරට පත්වුයේ කෙසේ ද යන්න  මෙම මුලික විමර්ශනයේ හෙළි කරගත හැකි බවද චන්දන ඒකනායක මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (1)

හොරෙන් කෝල් ගත්තැයි බන්ධනාගාරයෙන් තවත් දඩුවමක්

Ran Tha Wednesday, 06 September 2023 07:15 AM

උඩින් එවන්න ඇත්තෙ. ජේලර්ලා කියන්නෙ තනි හොරු. කීයක් හරි දුන්නම ඕන දෙයක් ගෙන්න ගන්න පුලුවන්

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 64 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 733 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 361 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site