
(ටී.කේ.ජී.කපිල )
අන්සතු මැලේසියානු ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගෙන ඕස්ට්‍රියාවේ වියානා නුවර වෙත පළා යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ශ්‍රී ලාංකික තරුණයෙකු කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොහු 39 හැවිරිදි යාපනය , තෙලිප්පලෙහි පදිංචි තරුණයෙකි .
ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි. - 282 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර වෙත ගොස් එතැන් සිට ඔස්ට්‍රියාවේ වියානා නුවර වෙත යාමට මෙම ගුවන් ගමන සැළසුම් කර තිබුණි .
මෙම තරුණයා ගුවන් සේවා සියලුම නිශ්කාශන කටයුතු නිම කර ගැනීමෙන් පසුව ගුවන් තොටුපොළ විගමන ප්‍රදේශය වෙත පැමිණ සිටි අතර , ඔහු පිළිබඳ ඇති වු සැක කටයුතු හැසිරීම මත කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් මොහුගේ ලියකියවිලි වැඩිදුරටත් පරීක්ෂා කර තිබේ .
එහිදී මෙම ඔස්ට්‍ර්යා ගමන් බලපත්‍රය තැරැව්කරුවෙකුට රුපියල් ලක්ෂ 90 ක් ගෙන සකස් කර ගෙන ඇති බවත් , ඔහුගේ ගමන් මල්ලේ ඔහුගේ සැබෑ ගමන් බලපත්‍රය සහ කූඨ ලෙස සකස් කළ විගමන මුද්‍රාවක් ද තිබී ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩේ නීති විරෝධී වෙන්න ඇති. නමුත් රුපියල් ලක්ෂ 90ක් දීලා මේ රටින් යන්න හදන්නේ ඇයි කියලා කවුරුවත් හොයලා නොබලන්නේ ඇයි? අන්න ඒ හේතුව හොයා ගෙන ඊට ප්‍රතිකර්ම යොදන්න සියල්ලටම පළමුව.