IMG-LOGO

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා


හරක් කටාගෙන් ප්‍රශ්න කළ හතකට මාරු

(ඉන්දිකා රාමනායක)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින හරක් කටාගේ ආරක්ෂාවට සිටි විශේෂ කාර්ය බළකායේ උප පොලිස් පරීක්ෂකවරයකගේ රාජකාරි පිස්තෝලය උදුරාගෙන පලායාමට උත්සහ කළ බව කියන සිද්ධියෙන් පසු ඔහුගෙන් ප්‍රශ්න කළ මහජන පැමිණිලි විමර්ශන අංශයේ නිලධාරීන් හත් දෙනකු විමර්ශන අවසන් වනතෙක් අද (13) සිට එම ඒකකයෙන් ඉවත් කර වෙනත් අංශ වෙත ස්ථාන මාරුකර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම කණ්ඩායමේ පලා ගිය කොස්තාපල්වරයාට ඇතුලු එම ඒකකයේ 8 දෙනකුගේ සමන්විත කණ්ඩායමක් සිට ඇති අකර, ඉතිරි 7 දෙනාට මෙම ස්ථාන මාරුවීම ලබා දී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

ස්ථාන මාරුවීම් ලද පිරිස අතර උප පොලිස් පරික්ෂකවරයකු, පොලිස් කොස්තාපල්වරුන් සිවි දෙනකු හා කොස්තාපල්වරියක සිටින බවත්, ඔවුන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේම වෙනත් අංශ වෙත මාරු කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

 



අදහස් (2)

හරක් කටාගෙන් ප්‍රශ්න කළ හතකට මාරු

Bunny Preena Thursday, 14 September 2023 09:21 AM

මෙම 8 දෙනා විතරක් නෙවෙයි, ඔටුණු සහ තරු පටි පැළඳ සිටින තවත් උසස් යැයි කියාගන්නා නිලධාරීන් බොහෝ පිරිසක් ඉන්න පුළුවන් හරක් කටාගෙන් සන්තෝසම් ගත්තු... ඔවුන් සම්බන්ධවත් සොයා බලන්න.

:       0       13

don Thursday, 14 September 2023 12:16 PM

කොස්තාපල් කියන්නේ තනතුරේ නිලධාරීන් නොවිය යුතුයි. ඔවුන්ව පොලිස් සේවකයන් ලෙස සැලකිය යුතුයි.

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 41 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 132 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 952 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site