
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නැමැත්තාට පලා යාමේ සැලසුම් සකස් කළ පොලිස් කොස්තාපල්වරයා කඩවත දක්වා මෝටර් රථයකින් රැගෙන ගිය බව කියන පුද්ගලයන් දෙදෙනා අද මිදිගමදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
මේ වන විට හරක් කටාගේ පලා යාමේ සැලසුමට උදව් උපකාර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් සිවුදෙනකු කුලී මෝටර් රථයක් සමඟ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව් දෙනාම ඩුබායිහි සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මිදිගම රුවන් නමැත්තා ගේ සමීපතම ගෝලයන් බවත් පොලිසිය කියයි.
හරක් කටාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පෙන්වීමේ මෙහෙයුමක් ඩුබායි සිට ක්‍රියාත්මක කර ඇත්තේ මිදිගම රුවන් නැමැත්තා බව මේ වන වන විට අනාවරණය වී ඇත.
COMMENTS