IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


හමුදාව සිවිල් කටයුතු සඳහා අනවශ්‍ය ලෙස මැදිහත් වී නැහැ


(ඩයනා උදයංගනී)

මෙරට හමුදාව සිවිල් කටයුතු සඳහා අනවශ්‍ය මැදිහත්වීමක් සිදුකර නැතැයි කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

ඒ සම්බන්ධයෙන් රටේ සියලු දෙනාට පැහැදිලි සාක්ෂිකරුවන් විය හැකි බව ද ඇමතිවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (14) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

හදිසි නීතිය යටතේ ඇතැම් සිවිල් කටයුතු සඳහා හමුදාව යෙදවීම ගැන සිය අවධානය යොමු කරන බවට  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසීය.

හදිසි නීතියේ වගන්ති දෙකක් පමණක් සංශෝධනය කර ආහාර බෙදාහැරීම්වලට අදාළව හමුදාව සම්බන්ධ කරගෙන තිබෙන බව කී ඇමතිවරයා එන්නත්කරණ ක්‍රියාවලියේදී ඔවුන්ගේ මැදිහත්වීම ධනාත්මකද නැද්ද යන්න ජනතාව දන්නා බවත්  ආහාර බෙදාහැරීම් සම්බන්ධයෙන් ද සිදුවන්නේ එසේම බවත්  කීවේය. 

 එක්සත් ජාතීන්ගේ සාමාජික රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව ඔවුන්ගේ නිර්දේශ පිළිගන්නා නමුත් ප්‍රායෝගිකව රට තුළ සිදුවන දේ දර්ශකයක් ලෙස භාවිතා කර තීන්දු ගත යුතු බවද ඇමතිවරයා පැවසීය. 

රටේ ආර්ථික ගැටලු පවතින අවස්ථාවක ජනාධිපතිවරයා හා අගමැතිවරයා විදේශ සංචාරවල යෙදීම සුදුසු ද යනුවෙන් මාධ්‍යවේදියකු නැගූ පැනයට පිළිතුරු දුන් ඇමතිවරයා පැවසුවේ අත්‍යාවශ්‍ය සංචාරවල නිරත්වීම ජනතා බදු මුදල් නාස්ති කිරීමක් නොවන බවයි.

ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සමුළුව ඇමතීම මේ අවස්ථාවේ ඉතා වැදගත් බව කී ඇමතිවරයා, අගමැතිවරයාගේ සංචාරයද ආරාධනයක් අනුව සිදුවූ බවත් ඒවාට අවම පිරිසක් සහභාගී වන බවත් පැවසීය.

කොවිඩ් අර්බුදයෙන් පසු ඔවුන් සංචාරයකට එක්වන පළමු අවස්ථාව මෙය බව කී ඇමතිවරයා ගත වූ කාලයේ දී කැබිනට් ඇමතිවරු දෙදෙනෙක්වත් සංචාර සඳහා ගොස් නැතැයි ද සඳහන් කළේය.



අදහස් (4)

හමුදාව සිවිල් කටයුතු සඳහා අනවශ්‍ය ලෙස මැදිහත් වී නැහැ

Jcn Tuesday, 14 September 2021 04:46 PM

පන්සලේ බණ කියන්න විතරයි හමුදාව දාල නැත්තෙ තාම

:       3       12

de silva Tuesday, 14 September 2021 06:01 PM

ඔබලා හිතන් ඉන්නේ ලංකාවේ මිනිස්සු ඔක්කොම බයියො කියලද? මෙහෙම බොරු කියන්නේ මොකද?

:       8       18

sampath Tuesday, 14 September 2021 08:04 PM

ඔබලා කියනවා අපි අහලා තීරණය කරනවා... ගැටළුවක් නැහැ... කියන්නා කෙසේ කීවත් අහන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතු බව දන්නවා.

:       3       13

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 14 September 2021 11:25 PM

වෙනත් රටවල අය අපේ රටේ ප්‍රශ්න වලට එබෙනවාට අප විරුද්ධයි. ඒත් ඇමැතිතුමා ඔය කමිසයට යටින් තිබෙන හදවතට තට්ටුකොට බැලුවොත්, ඔබතුමාටම ඇත්ත හොඳින් වැටහෙනවා නේද ?

:       2       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 331 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 424 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 396 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site