
හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP), නව වසර ශුභවාදීව ආරම්භ කරමින්, සිමෙන්ති නිෂ්පාදක ආයතන වන ලංවා සංස්ථා සිමෙන්ති කෝපරේෂන් (පුද්) සමාගම සහ ඉන්සී සිමෙන්ති සමාගම සඳහා අමුද්‍රව්‍ය භාණ්ඩ නෞකා 6ක ගොඩබෑම් පසුගියදා නිම කළේය.
මෙම සමාගම් ඔවුන්ගේ සැපයුම් දාම කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ අරමුණෙන් 2021 අග භාගයේදී (HIP) සමඟ උපායමාර්ගික හවුල්කාරිත්ව ගිවිසුම්වලට එළැඹියේය. ඒ අනුව, නිෂ්පාදකයන් දෙදෙනා සඳහා සිමෙන්ති අමුද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 265,163.34 ක පූර්ණ පරිමාවක් මේ වසර ජනවාරි මස අග වන විට වරාය විසින් හසුරුවනු ලැබ ඇත.
ගිවිසුම් අත්සන් කිරීමෙන් අනතුරුව, ප්‍රථමයෙන් ලංවා සංස්ථා සිමෙන්ති සමාගම සඳහා ක්ලින්කර්, ජිප්සම් සහ ස්ලැග් යන අමුද්‍රව්‍ය රැගෙන පැමිණියේය. ටැං බිං 245 (Tang Binh 245), යුනිටි (unity) සහ ඩුබායි ක්‍රවුන් (dubai crown) යන නෞකා පැමිණියේය. HIP සමඟ එළැඹි ගිවිසුමට අනුව, ලංවා සංස්ථා සිමෙන්ති සමාගම සඳහා භාණ්ඩ ගොඩබෑමේ දොඹකර දෙකක් ලබා දී ඇති අතර, වාහක පටියක්ද වරාය පරිශ්‍රය තුළ ඉදි වෙමින් පවතී. එමගින් මිරිජ්ජවිල ආයෝජන කලාපයේ පිහිටි ඔවුන්ගේ නිෂ්පාදන කම්හලට, අමුද්‍රව්‍ය තොග සෘජුවම සපයනු ඇත.
“ප්‍රධාන සිමෙන්ති නිෂ්පාදකයන් දෙදෙනකු වන ඉන්සී සහ ලංවා සමාගම් දැන් (HIP) සමඟ කටයුතු කරනවා. බහුකාර්ය වරායක් ලෙස සංවර්ධනය වෙමින් අදාළ සේවා සපයන අතරම, යාබද ප්‍රදේශයන්හි ව්‍යාපාරයන්ට අතහිත දෙමින් ඒවායේ වර්ධනය තකා කටයුතු කිරීම අපගේ අරමුණ යැයි හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු මහතා සඳහන් කරයි.
ඉන්සී සිමෙන්ති සමාගම සඳහාද ක්ලින්කර් සහ ස්ලැග් අමුද්‍රව්‍ය භාණ්ඩ තොග 3 ක් ජනවාරි මාසයේදී හම්බන්තොට වරාය විසින් හසුරුවන ලදි. පසුගිය වසරේ ඉන්සි සඳහා මෙට්‍රික් ටොන් මිලියන 1 කට වැඩි පරිමාවක් හැසිරවීමට වරායට හැකිවී තිබේ.
-සටහන- චමින්ද මුණසිංහ

2025 දෙසැම්බර් මස 04
709
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
451
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හම්බන්තොට වරායෙන් සිමෙන්ති සමාගම් දෙකකට සේවා