IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


හමුදාපතිට අපහස කළැයි පුද්ගලයකුට තහනම් ආඥාවක්

(රෝෂන් තුෂාර)

යුද හමුදාපතිවරයා සම්බන්ධයෙන් අසත්‍ය ,ද්වේශ සහගත හා අපහාසාත්මක හා අපකීර්තිමත් වීඩියෝ හා ප්‍රකාශ  නිර්මාණයකර සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම,බෙදා හැරීම වළක්වමින් සමාජ ජාලා මාධ්‍ය ක්‍රියාකාරිකයකුට හා එම යු ටියුබ්  නාලිකාවට එරෙහිව කොන්දේසි සහිත තහනම් ආඥාවක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද(15) නිකුත් කළේය.

දැනට උඩුගත කර ඇති අපහාසාත්මක හා ද්වේශ සහගත තහනම් ප්‍රකාශ වහාම ඉවත් කරගන්නා ලෙසටද විත්තිකරුවන්ට නියෝග කළේය.

යුධ හමුදාපති ලුතිනල් ජෙනරාල් විකුම් ලියනගේ මහතා පැවරු නඩුවක් සලකා බැලීමෙන් පසුව මෙම කොන්දේසි සහිත ආඥාව නිකුත් කෙරිණි.

ලංකා වි නිවුස් වෙබ් අඩවියට සහ තුෂාර සාලිය රණවක ඇතුළු තිදෙනකුට මෙම ආඥාව නිකුත් කළ අතර  ඇමරිකාවේ  යුටියුබ් ආයතනය සහ ගූගල් සමාගමට අදාල නියෝග සම්බන්ධයෙන් නොතීසි නිකුත් කිරීමටද නියෝග කළේය .

එම්. මොහොමඩ් ෆර්ෂාන් මහතා මගින් ඉදිරිපත් කළ පැමිණිල්ලට කරුණු දැක්වූ නීතිඥ සිරාෂ් නූර්දීන් මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ මෙම අසංසාත්මක හා අපකීර්තිමත් ප්‍රකාශ ජාතික ආරක්ෂාවට ද තර්ජනයක් වන බවය.

මාර්ගස්ථ ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ  පනතේ 24 වන වගන්තිය ප්‍රකාරව (සමාජ මාධ්‍ය පනත යටතේ) මෙම පැමිණිල්ල ගොනුකර තිබිණි.   



අදහස් (5)

හමුදාපතිට අපහස කළැයි පුද්ගලයකුට තහනම් ආඥාවක්

පිටිගල මිලානෝ Wednesday, 15 May 2024 02:52 PM

තම නිල නිවාසයේ හත්මුතු පරම්පරාවම නවත්තගෙන මහජන බදු මුදල් වලින් කන්ඩ දෙනවා කියලාද ලියලා තියෙන්නේ…? ඉතං ඒක බොරුද…? කොට පටවන කතාවත් බොරුද?

:       6       18

රෝයි ෆෙඩ්රික්ස්Wednesday, 15 May 2024 04:29 PM

ඔහා හා පිටිගල උන්නැහේ එහෙම කියන්න එපා. අපි නොදන්නවාට ඔය හොරකම්, ජඩකම් හෙලිකිරීම නිසා ජාතික ආරක්ෂාවට මොකක් හරි තර්ජනයක් ඇති ඔය නඩු උසාවිවල පවරන්නේ... වැදගත්, උගත් උන්නැහේලා නොවැ... මොකෝ ඒක එහෙම නෙවෙයි කියන්නේ... ඔයා මුලු ලංකාවෙන්ම ඉහළම ලකුණු ප්‍රමාණය ලබාගෙන නාමල් රාජපක්ෂ වගේ නීති විභාගය සමත් වුණාද?

:       4       10

unknown army Wednesday, 15 May 2024 04:09 PM

පුදුම නාස්තියක්ලු කරනවා කියන්නේ. පොඩ්ඩක් හොයලා බැලුවොත් තිලිණ මහත්තයටත් තේරෙයි

:       3       12

සුනිල් සාන්ත Wednesday, 15 May 2024 05:57 PM

මෙයාව අල්ලලා සරත් ෆොන්සේතා මහත්තයාට බාර දෙන්න ඕනේ හදලා ගන්න කියලා...!

:       4       9

Ratne Thursday, 16 May 2024 02:54 AM

අලි තිලින ?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 240 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site