(ඉන්දික අරුණ කුමාර)
මොරගහකන්ද ජලාශය හේතුවෙන් අවතැන් පිරිස් පදිංචි වී සිටින මා ඔය - තෝරපිටිය ප්‍රදේශයේ මෙවර වගා කර ඇති ලොකු ලූනූ අක්කර 150 ක් පමණ හදුනානොගත් දිළිර රෝගයකින් විනාශ වෙමින් පවතින බව ගොවිහු පවසති.
විනාශය හේතුවෙන් තොරපිටිය ප්‍රදේශයේ ගොවි පවුල් 300 කට පමණ යන එන මන් නැතිවී ඇතැයි ඔවුහු කියති.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් නිර්දේශ කරන ලද සියලු කෘෂි රසායන වර්ග මේ වන විට යොදා ඇති බවත්, මේවන විට ඉන් කිසිදු පළක් නොවු බවත් ගොවිහු කියා සිටියහ.
රුපියල් පහළොස් දහසේ සිට විසිපන්දහස දක්වා ලොකු ලූනූ බීජ කිලෝවකට මුදල් වැය කරමින් වගා කර ඇති සිය ලූණු වගාවන් මේ වනවිට සම්පූර් ණයෙන්ම පාහේ විනාශ වෙමින් පවතින බව ද ඔවුහු කියා සිටිති.
වසර ගනනාවක් තිස්සේ විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දෙමින් කටයුතු කළ තමන්ට මේ වන විට අත්වී ඇති ඉරණම පිළිබදව රජයේ කඩිනම් අවධානය යොමු විය යුතු බව ද ඔවුහු කියා සිටියහ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
හඳුනා නොගත් දිලීරයකින් ලූනූ අක්කර 150 ක් විනාශයි