
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
ඇදුම රෝගය උත්සන්න වී මාතර මහ රෝහලට පැමීණි දස හැවිරිදි දරුවකුට අවශ්‍ය ඇස්තලින් සොලූෂන් නැමැති ඖෂධය එම අවස්ථාවේ නොමැති වීම නිසා දරුවා පත් වූ තත්වය දැක සංවේදී වු ළමා රෝග විශේෂඥ වෛද්‍ය සමත් සමිත සෝමරත්න මහතා එම ඖෂධ තොගයක් පුද්ගලික වියදමින් පරිත්‍යාග කළේය.
රුපියල් ලක්ෂ එක හමාරකට ආසන්න වටිනාකමකින් යුත් එම ඖෂධ තොගය මාසයකට පමණ රෝගීන්ගේ අවශ්‍යතාවය වෙනුවෙන් ප්‍රයෝජනයට ගත හැකි බව එහිදී අනාවරණය විය.
මොරවක පදිංචි කුඩා දරුවකු ඇදුම රෝගය උත්සන්න වී මොරවක රජයේ රෝහලේ සිට සිය මිත්තනිය සමග මාතර මහ රෝහලට මාරු කර එවා තිබීණි.
එම අවස්ථාවේ මාතර මහ රෝහලේ ළමා වාට්ටුවේ සිටි විශේෂඥ වෛද්‍ය සමත් සමිත සෝමරත්න මහතා දරුවා පරික්ෂා කොට අවදානම් තත්වයෙන් මුදවා ගැනීමට වහා ඇස්තලින් සොලූෂන් ඖෂධය යොදා දූමායනය කළ යුතු බව වාට්ටු කාර්ය මණ්ඩලයට නියම කළේය.
එහෙත් එම අවස්ථාවේ අදාල ඖෂධය නොමැති බව සැලවීමත් සමග විශේෂඥ වෛද්‍යවරයා ඇතුළු කාර්ය මණ්ඩලය සිය සම්බන්ධතා මත අදාල ඖෂධය පිටතින් ගෙන්වා අදාල දරුවාට ලබා දී ජීවිතය බේරා ගෙන ඇත.
දරුවා සමග පැමිණි වයෝවෘද්ධ මිත්තනිය දරුවාගේ අප්පොච්චි නොමැති බවත් මව විදෙස්ගතව ඇති බවත් ඉතා දුප්පත් බවත් පැවසීම මත විශේෂඥ වෛද්‍ය සමත් සමිත සෝමරත්න මහතා දැඩි ලෙස සංවේදී වී තිබේ.
ඔහු එම අවස්ථාවේදීම ඉහල බලධාරීන්ට ද ඒ බව දන්වා ඇත. දැනට වෙලදපොලේ ද ඇස්තලින් සොලූෂන් ඖෂධ හිගයක් පවතී.
එම නිසා විශේෂඥ වෛද්‍ය සමත් සෝමරත්න මහතා ගාල්ලෙන් හා මාතර නගරයේ පෞද්ගලික ඔසු සැලකින් ඇස්තලින් සොලූෂන් ඖෂධ කුප්පි 370 ක් මිලදී ගෙනවිත් මාතර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය උපාලි කරුණාරත්න මහතා වෙත භාර දුන්නේය.

COMMENTS
විපතකදී අසරණ වන මිනිසුන් පිළිබඳ මේ අයුරින් පිළිසරණ වන්නට හැකිනම් මේ ලොව කෙතරම් යහපත් සුන්දර තැනක් වන්නේද..! එතුමාට අපේ ප්‍රණාමය..! හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳී..!
උතුම් මිනිසෙක්...! උතුම් ආදර්ශයක්...!
මානුෂික හැඟීම් ඇති ගුණ යහපත් දොස්තරලා අපේ රටේ නැතුව නොවේ. මෙතුමා කළේ උතුම් ක්‍රියාවක්. අපේ ප්‍රණාමය පුදකරනවා...
ඔබගේ සේවය විශිෂ්ඨයි. මෙතුමා තංගල්ලේ කාලයක් වැඩ කළා. හරි හොඳ දොස්තර කෙනෙක්...
අසරණ රෝගීන්ගේ ජීවිත වලට වැඩිය පාලකයින්ට වටින්නේ ශ්‍රී ලන්කන් සුදු අලියා වැනි දේවල්, ඒක අපේ ජාතික අභිමානේ, අපේ පම්පෝරිය, ඒකේ පාඩුව මාස 7-8 කට රුපියල් කෝටි 2000 පමණ ඒවා පියවන්න නම් මුදල් අපට තිබෙනවා. බෙහෙත් ගන්න සල්ලි නැති වුණාට, දරුවගේ වාසනාවට මේ උතුම් දොස්තර මහත්මයා සිටියි. නැතිනම් ජීවිතේ අනතුරේ... බෙහෙත් ගන්න සල්ලි නැතිව දහස් ගණනක් පසුගිය වසර 10 තුළ මියයන්න ඇති, නමුත් අපිට අපේ ශ්‍රී ලන්කන් සුදු අලියා වටිනවා...
වන සිවුපාවුන් වැනි ඉනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත
හැබැයි මෙයාම තමන්ගෙ අයිතිවාසිකම් වෙනුවෙන් වර්ජනය කරනකොට, ඔය ගුණ වනන අයම බනින්නෙ බල්ලට වගේ…!
රට සශ්‍රීක කරලා රටට කරන්න පච කෙලගෙන ආපු දේශපාලුවන් කොහේද? මෙන්න බලාපල්ලා. දොස්තරලා ඉස්පිරිතාල වලට බෙහෙත් දෙන්නේ... ජනපති, සෞඛ්‍ය ඇමැතියා කෝ..?
ඒකටත් හරියන්න ලෙඩ්ඩුන්ව අසරණ කරලා, මැරෙන්න හැරලා ස්ට්‍රයික් කරන දොස්තරලාත් ඉන්නවා.
ගොඩක් ගය කරනවා. උතුම් සත් ක්‍රියාවක්.
GOMA සභාපතිකම දෙන්න ඕනේ මේ වගේ දෙවිවරුන්ට මිසක් ඇමරිකාවේ වීසා ලැබිච්ච නැති එකට ජනතාවගෙන් පලි ගන්න වෛද්‍ය ඩ්‍රැකියුලාට නෙමෙයි. ආරංචි විදියට ගිය සතියෙත් ඇමරිකාවේ තානාපති කාර්යාලයට රිංගලාලු
බුදුසරණයි