IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


හත් සිය හැටකට ද්විත්ව පුරවැසිභාවය

(සුජිත් හේවාජුලිගේ )

මෙරට ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීම සඳහා අයදුම්කර තිබුණු පුද්ගලයින් 760 දෙනෙකුට ද්විත්ව පුරවැසිභාවය  නිකුත් කර ඇත.

මෙරට ද්විත්ව පුරවැසිභාවය නිකුත් කිරීමේ ක්‍රියාවලිය ප්‍රමාදයෙන් තොරව සිදුකිරීම සඳහා විශේෂ ප්‍රතිපත්තිමය තීරණයකට  එළඹුණු බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා පැවසීය.

ඒ අනුව ආරක්ෂක නිෂ්කාශනය (security clearance) ලැබුණු පුද්ගලයින්ට  මින් ඉදිරියට සෑම සතියකම සඳුදා දිනයේදී ද්විත්ව පුරවැසිභාවය නිකුත් කිරීමට නියමිත ය. ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිෂ්කාශනය ලැබුණු අයෙකුට ද්විත්ව පුරවැසිභාවය නිකුත් කිරීමට දීර්ඝ ප්‍රමාදයන් ඇතිවීම මෙහිදී වැළැක්වෙනු ඇති අතර  නිෂ්කාශනය ලැබුණු අයෙකුට ද්විත්ව පුරවැසිභාවය ලැබීමට උපරිම  ලෙස  ගතවිය හැක්කේ දින 6ක් පමණි.



අදහස් (4)

හත් සිය හැටකට ද්විත්ව පුරවැසිභාවය

de silva Thursday, 07 July 2022 04:57 PM

මම පොහොට්ටුවට චන්‌දෙදුන කෙනෙක් නෙමෙ නමුත් මෙ ක්‍රියවලිය මම අගය කරන්ව , ද්විත්ව පුරවසි භාවය දෙන්න ඩොලර් 1000 අය කරන්ව , 760 ඃ 1000 =760000 $ ඩොලර් ලබෙනව , සෙcඋරිට්ය් cලේරන්cඑ එක තිබෙනවනම් මෙක දෙන එකේ කිසිම වරදක් නැහැ , අගමන විගමන එකේ නිලදරියො මෙව හිතා මතාම පරක්කු කරන්නෙ පගාව ගහන්න. දම්මික පෙරෙරා මහත්මය ඔබට ස්තුති නමුත් ඔබගෙ සමගම් වලින් ආදායම් බදු දෙපාර්තමෙන්තුවට ගෙවිය යුතු හිග මුදල් ගෙවන ලෙස කාරුනික අයාචනයකුත් මෙ සමග කරනව

:       0       0

ravin Thursday, 07 July 2022 07:30 PM

ආගමන විගමන දෙපාර්තමේන්තුව කොයි ඇමැතිගේ විෂය පථයට අයිතිද?

:       0       0

Renuka palihawadana Thursday, 07 July 2022 09:20 PM

මම ඊශ්‍රායල් පුරවැසියෙක්.... ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීමට කැමැතියි...

:       0       0

කුමර් Friday, 08 July 2022 09:23 AM

මේකට ඩොලර් වලින් මුදල් අයකරන්න හිතුනේ නැද්ද ධම්මික පෙරේරට..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 9 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 116 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 915 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site