IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


හෙට අරගලයට දේශපාලන පක්ෂ රැසක සහය

(ඩයනා උදයංගනී, නිමල කොඩිතුවක්කු සහ මුදිතා දයානන්ද)

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු ආණ්ඩුව වහා ඉවත්විය යුතු බවට බලකරමින් හෙට (9) කොළඹදී පැවැත්වෙන දැවැන්ත අරගලයට සහය දක්වන බවට සමඟි ජන බලවේගය ඇතුළු විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂ ගණනාවක් ප්‍රකාශ කර ඇත.

ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ ආණ්ඩුව පලවා හැරීමට හෙට (9) ආරම්භ වන සාමකාමී අරගලයට සමගි ජන බලවේගය පූර්ණ සහයෝගය පළ කරන බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

සාමකාමීඅරගලකරුවන් ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන සියලු පාර්ශවකරුවන් සමඟ එක්ව මෙම සටන ජයග්‍රහණය කිරීමට කටයුතු කරන බවත් මහ ලේකම්වරයා සඳහන් කළේය.

සමගි ජන බලවේගය සියලුම දේශපාලන පක්ෂ වෘත්තිය සමිති බහුජන සංවිධාන මෙම සටනට සහයෝගය ලබාදෙන බවත් ඔහු පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ද මෙම අරගලයට සහය දෙන බව එහි සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (8) පැවසීය.

ප්‍රජාතන්ත්‍රවාදි රාමුවක් තුළ ප්‍රචණ්ඩත්වයෙන් තොරව එම අරගලය පවත්වන්නේ නම් තම පක්‍ෂය එයට ආශීර්වාද කරන බවත්, මෙම විරෝධතා අතරතුරදී කිසිඳු ප්‍රචණ්ඩකාරී ක්‍රියාවක නිරත නොවන ලෙස අරගලකරුවන්ගෙන් ඉල්ලා සිටින බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

ගාලු මුවදොර අරගලකරුවන් කැඳවා තිබෙන විරෝධතා දිනයට ජාතික ජන බලවේගය දේශපාලන ව්‍යපාරයක් ලෙස සහාය දක්වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ජාතික ජන බලවේගයෙ විධායක සභික ටිල්වින් සිල්වා මහතා ද පැවසීය

තෙල් හා ගෑස් පෝලිම්වල සැලකිය යුතු පිරිසක් මියගොස් රටම ගිනිගෙන තිබියදීත් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා හැඟීම් දැනීම් නැති හිරිවැටුණු නායකයින් සේ ගිණිකෙළි සංදර්ශන බලමින් විනෝද වන බව කී ටිල්වින් සිල්වා මහතා ජනතාවගේ ප්‍රශ්නවලට පාලකයින්ට උත්තර නැති බව පෙනී යන බවද කීය.

43 වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවේ මෙම අරගලයේ දී කිසිවකුත් ප්‍රචණ්ඩකාරී නොවිය යුතු බවයි.

රාජපක්‍ෂවරුන්ගේ ආණ්ඩුවේ ඉලක්කය ලේ වැගිරීමක් හරහා බලය තහවුරු කරගැනීම බැවින් මෙම අරගලයේදී අවිහිංසාවාදීව හා ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන ලෙස සියලු අරගලකරුවන්ගෙන් ඉල්ලා සිටින බවත්, ප්‍රකෝපකාරී වැඩ කරන අය අරගලයේ සතුරන් බවත් රණවක මහතා කීවේය.

තමන්ගේ රාජකාරිය නීත්‍යානුකූල වපසරිය තුළ කරන ලෙස ආරක්‍ෂක අංශවලින් ඉල්ලා සිටින බව කී මන්ත්‍රීවරයා මිනිස්සුන්ගේ බඩට පයින් අනින්න, තුවක්කු බලය පෙන්වන්න මේ රටේ ඉඩක නැති බවත් , පීඩාවට පත් පවුල් අතර ඔවුන්ගේ පවුලුත් සිටින බවත් පැවසීය.

මේ අතර ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ ලේකම් වෛද්‍ය ජී.වීරසිංහ මහතා පැවසුවේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉවත්වී සර්වපාක්‍ෂික අන්තර්කාලීන රජයක් පිහිටුවන ලෙස බලකරමින් ගෙනයන ජනතා අරගලයට හා ඒ වෙනුවෙන්පැවැත්වෙන විරෝධතාවයට ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ සහය ලබාදෙන බවයි.



අදහස් (5)

හෙට අරගලයට දේශපාලන පක්ෂ රැසක සහය

chandima Friday, 08 July 2022 05:36 PM

වෙනත් වචනවලින් කියනවා නම් ‘‘ගෝඨාභය ඉවත් කර රනිල්ට විධායක බලතල දෙන අරගලයට දේශපාලන පක්ෂ රැසක සහාය..!‘‘

:       31       12

malakaFriday, 08 July 2022 06:35 PM

අනේ උබ වගෙ අම්බරුවො තවත් ඉන්නව නේද රටෙ ඉතින් කොහෙද රට හදන්නෙ

:       0       0

Prabath Friday, 08 July 2022 05:53 PM

නිර්පාක්ෂිකයිද? මෙහෙමත් ගොන්නු ටිකක් කවදාවත් දැකලා නැහැ...

:       15       14

Bamunuarachchi Friday, 08 July 2022 06:00 PM

අපි ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකරන නිසා තමයි අරගලවලට එකතුවෙන්නේ නැත්තේ... ප්‍රජාතන්ත්‍රවාදීව පත්කළ රජයක් අවුරුදු 57 ක්ම බලයට එන්න බැරිවුණු 3% පක්ෂෙකට තිබෙන රජය අතරමග පෙරලා බලය ලබාදෙන්න අපි සූදානම් නැත. ජෙප්පන්ට රට කරගන්න බැරි වුණොත් ඔවුන්ව පෙරළන්නේ කව්ද? රණවක ගොයියෝ රාජපක්ෂ රජයද රට ගිනිතිබ්බේ ලේ වැගිරුවේ ජෙප්පන්ද රට ගිනිතිබ්බේ... ලේ වැගිරුවේ? මෙයාගේ හිතේ අපි ඊයේ ඉපදුණා කියලා...

:       25       20

swene Saturday, 09 July 2022 06:36 AM

ඔයා කියන ප්‍රජාතන්ත්‍රවාදීන් රට බංකොළොත් කරලා ඉවරයි. සියයට 3 වුවත් කියන කතාවේ සත්‍යතාවය හොඳින් අහන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 9 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 116 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 915 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site