IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


‘‘හිටපු ජනපති ඇතුළු පහකට රටින් යන්න දෙන්න එපා‘‘

(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, ඩබ්ලිව්. ඒ. ලක්ෂ්මන් සහ හිටපු මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර් ආටිගල යන මහත්වරුන්ට මෙරටින් පිට වීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මහජන ක්‍රියාකාරිකයකු වන චන්ද්‍රා ජයරත්න මහතා ඇතුළු තිදෙනකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (12) මෝසමක් ඉදිරිපත් කර ඇත.

මෙම පෙත්සම යළි අනිද්දා (14) සලකා බැලීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේය.

මෙම මෝසම මුර්දු ප්‍රනාන්දු, ගාමිණි අමරසේකර සහ අචල වෙන්ගප්පුලි යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද (12) සලකා බැලිණි .

මෙම මෝසම ගොනු කරනු ලැබ ඇත්තේ සමාජ ක්‍රියාකාරිකයකු වන චන්ද්‍රා ජයරත්න, ප්‍රසිද්ධ ශ්‍රී ලංකා පිහිනුම් ක්‍රීඩක ජුලියන් බෝලිං ඇතුළු තිදෙනකු විසිනි.

රටේ ආර්ථික අර්බුදයට සම්බන්ධ වගකිවයුත්තන් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා පියවර ගන්නා ලෙසට ඉල්ලා පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම පෙත්සම් ගොනු කරනු ලැබ තිබේ.

 



අදහස් (7)

‘‘හිටපු ජනපති ඇතුළු පහකට රටින් යන්න දෙන්න එපා‘‘

Himali Tuesday, 12 July 2022 03:53 PM

ගාමිණී සෙනරත් කියන්නේ ලොකුම හොරා . මහින්දගෙයි ගොටගෙයි දෙන්නගෙම ලේකම් . ඇයි එයා නැත්තේ ලිස්ට් එකේ

:       3       24

මැක්ස් Tuesday, 12 July 2022 05:05 PM

එයාත් ලිස්ට් එකට දාල ඔයාව නඩුකාර පුටුවේ තියෙන්න තිබුනේ හිමාලි.

:       0       0

PereraWednesday, 13 July 2022 01:12 AM

එයා ලෙකම් පමනයි. ඔහු පරිපාලන තීරණ ගන්නෙ නැහැ.

:       0       0

LOW-Law Tuesday, 12 July 2022 05:52 PM

හැබැයි රාජ්‍ය දේපල ලොවට පේන්නම විනාශ කරපු අයට නිදහසේ ඉන්න දෙන්න..! සුද්ධගෙ නීතිය සුද්ධ හිටපු රජමාළිගාව විනාශ කරපු අයවම රකිනවා නේද !

:       0       0

senevi Tuesday, 12 July 2022 07:39 PM

මාටියගහපු හැමදෙයක්ම ආපහු ජනතාවට ලබා‌දීල ඊටපස්සෙ මොවුන්ව ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කරමු

:       0       0

Bamunuarachchi Tuesday, 12 July 2022 11:35 PM

අධිකරණයේ තිබෙන දෙයක්නේ පස්සේ අපි ලියන්නම්. සමාජ ක්‍රියාකාරිකයෝනම් වැහි වහලා. මොවුන් එකපාරටම කොහෙන් පාත්වෙලාද දන්නේ නැහැ. ජෙප්පෝ වෙන්න ඇති.

:       0       0

Rohana Wednesday, 13 July 2022 06:59 AM

එතකොට PB ජයසුන්දර නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 878 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 377 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site