IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


හිටපු ජනපතිට සුභ පතන්න ගිය ලංගමයේ හයකගේ වැඩ තහනම්

(සුමිත් පොතුපිටිය )

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය ජනාධිපතිවරණයට නාමයෝජනා භාරදෙන දිනයේ ඔහුට සුභ පතන්නට ලංගම බස් රථයකින් බොරැල්ල මැතිවරණ කාර්යාලය අසලට ගිය ඩිපෝ කළමණාකරුවෙකු ඇතුළු හය දෙනෙකු ගේ වැඩ තහනම් කර ඇති බව කළුතර දිස්ත්‍රික් ලංගම ප්‍රාදේශීය කාර්යාලය සදහන් කරයි.

මෙසේ වැඩ තහනමට ලක්ව ඇත්තේ හොරණ ඩිපෝ කළමණාකරු , සහකාර කළමණාකරු (පාලන) සහ තවත් සේවකයින් සිව්දෙනෙකු ගේ බව සදහන් වේ.

පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නාමයෝජනා භාරදෙන දිනයේ ඔහුට සුභපැතීම සහ සහය පලකිරීම සදහා NB 6182 දරණ හොරණ ඩිපෝවට අයත් බස් රථයෙන්  ඔවුන් හයදෙනා රාජකාරි කාලය තුලදී බොරැල්ල දක්වා ගමන්කර ඇති බවට සදහන්ව ඇති බව ලංගම කළුතර උසස් නිළධාරියෙක් පැවසීය .

එම ලංගම නිළධාරින් දෙදෙනා සහ සේවකයින් සිව්දෙනා ලංගම බස් රථයෙන්  බොරැල්ලට ගමන් කර ඇති බවට මැතිවරණ කොමිෂමට ලද පැමිණිල්ලක් මත සිදුකල විමර්ශන වලින් පසු වැඩ තහනම සිදුකර ඇති බවද ප්‍රකාශකයා කීය.

 



අදහස් (10)

හිටපු ජනපතිට සුභ පතන්න ගිය ලංගමයේ හයකගේ වැඩ තහනම්

බකල ජයා Wednesday, 18 December 2024 06:19 PM

පප්පා හිටියා නම් කියලා හිතෙන්නේ ඒ හය දෙනාටයි, ඒ හය දෙනාගේ පවුල්වල අයටයි, ඒ හය දෙනාගේ ගෙවල්වල සත්තුන්ටයි, පප්පාගේ පක්ෂෙ අයටයි, පප්පාගේ ඡන්ද දායකයින්ටයි විතරද?

:       15       77

JeppaThursday, 19 December 2024 01:54 AM

අවුලක් නැහැ... දැන් පප්පා මේ අයගේ පවුල් නඩත්තු කරාවි...

:       0       2

Rata Perata Wednesday, 18 December 2024 10:10 PM

මේ අය හිතාගෙන ඉන්නේ රජයේ දේපළ ඔවුන්ගේ බූදලයක් කියලා...

:       0       2

pj Thursday, 19 December 2024 02:43 AM

පක්ෂ භේදයක් නොමැතිව රජයට අයත් දේපළ අවභාවිතාවට තිත තැබිය යුතුමයි. රාජකාරි වෙලාව තුළ නිවාඩු නොදමා වර්තමාන ජනපති පිළිගැනීමට ගුවන් තොටුපොලට ගිය අයට ද ඒ අයුරින්ම සැලකිය යුතුයි.

:       0       2

sam Thursday, 19 December 2024 08:57 AM

නියමයි... හොදම වැඩේ

:       6       13

අමිත් කන්නන්ගර Thursday, 19 December 2024 10:14 AM

වැඩ තහනමි කරලා විතරක් මදි...බස් එකෙන් එදා දවසෙ ලැබීමට නියමිත ආදායම ගණන් බලා( ඩීසල් ඇතුලු සියලුම වියදම) වන්දියක්ද අයකර ගතයුතු අතර..රැකියාවෙන් සදහටම අයින් කල යුතුයි..මෙය බරපතල ගණයේ විෂමාචාර ක්‍රියාවකි..මෙි දඬුවම දිය යුත්තේ අන් අයටද ආදර්ශයක් වන අයුරිනි... දැන දැන කරන අශික්කිත මජර දේශපාලන දුෂිතයන්ට දැඩි දඬුවම් දිය යුතුයි...

:       4       22

[email protected] Thursday, 19 December 2024 10:19 AM

මේවා පලි ගනීම්

:       34       4

අමිතFriday, 20 December 2024 03:48 AM

ගොන් අයියලාට නම් පේන්නේ පලි ගැනීම් විදියට තමයි... ඒවා ගත යුතු සරලම විනය ක්‍රියා මාර්ග...

:       1       6

සුරෙන්Friday, 20 December 2024 08:29 AM

වැරැදි වලට දඬවම් දීම පළිගැනීම නම්, වැරදි කරන අය ප්‍රභූවරුන්ද? එහෙම නම් නීතිය කුමකටද? ත්‍රිවිධ හමුදාව්, පොලීසිය, අධිකරණය වහාම විසුරුවා හැර අනවශ්‍ය රාජ්‍ය වියදම පහළ හෙලමු. අතීතයට දඬුවම් කරන්න පෙර වර්ථමානයට එය ක්‍රියාකළ යුතුයි. එහිදී පළමුවැන්න ඔබ හෝ ඔබේ නෑයෙකු හෝ ළඟම මිතුරා හෝ පාක්ෂිකයෙකු විය හැකිය. තීන්දුව ඔබ අතේ...

:       0       2

Stanley bopage Friday, 20 December 2024 09:45 AM

හොඳ වැඩේ මජර දේශපාලනේ අයට උදව් කරන අයට...

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 701 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site