
(ෂේන් සෙනෙවිරත්න )
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අවසන් කොට ආපසු නිවස බලා යමින් සිටි සිසුවියක පැහැර ගැනීමට පැමිණි බව කියන වෑන් රථයක් සහ තරුණයන් හතර දෙනකු අලදෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .
එම තරුණිය අද (15) සාමාන්‍ය පෙළ විභාගයේ අවසන් ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයා කුළුගම්මන ඇය නවාතැන් ගැන සිටි නවාතැන්පොල කරා යමින් සිටියදී යටිහලගල හන්දියේදී ඇය පැහැර ගැනීමට තැත් කර ඇත.
ඒ අවස්ථාවේදී ඇය සමඟ සිටි තවත් පාසල් සිසුන් දෙදෙනෙකු එය වැළැක්වීමට උත්සාහ කළත් ඔවුන් තල්ලු කර දමා ශිෂ්‍යාව පැහැරගෙන යන අවස්ථාවේදී එම සිසුන් පොලිස් හදිසි ඇමතුම් ඒකකයට සිද්ධිය සම්බන්ධයෙන් දැනුම් දී තිබේ .
ඇමතුම ලැබුණ වහාම ක්‍රියාත්මක වූ අලදෙණිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සේනාරත්න මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් වෑන් රථය හඹා ගොස් සැකකරුවන් සහ ඔවුන් පැමිණි වෑන් රථය අත්අඩංගුවට ගෙන තිබේ .
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
742
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සා.පෙළ. සිසුවිය පැහැරගත් හතරක් අත්අඩංගුවට
Marikkar Thursday, 16 May 2024 06:51 AM
වහා ක්‍රියාත්මක වී අහිංසක දරුවා මේ දුෂ්ට පිරිසෙන් බේරාගත් පොලිස් නිලධාරීන්ට අපි ස්තූතිවන්ත වෙමු.