IMG-LOGO

සී.අයි.ඩී කතට අමතක වූ බැංකු කාඩ් පතෙන් ගජරාමෙට මුදල් ඇදල

(ආනන්ද ඉ ජයකොඩි)

රහස් පොලිස් නිලධාරිනියකට බැංකුවේ  අමතක වී ගිය ඒ.ටී.එම් කාඩ් පතකින් 1,16,000 අධික  මුදලක් වංචා කළ  බව කියන පුද්ගලයකු දින 13කට පසුව අද (27) අත් අඩංගුවට ගත් බව නිට්ටඹුව පොලීසිය පවසයි.

නිට්ටඹුව නගර මධ්‍යයේ ඇති රාජ්‍ය බැංකුවකට පැමිණි රහස් පොලිස් නිලධාරිනිය ඉකුත් 14 වැනිදා  මුදල් ලබා ගන්නා යන්ත්‍රයකින් මුදල් ලබා ගත් අවස්ථාවේ එම යන්ත්‍රය තුල කාඩ් පත අමතක වී ආපසු ගොස් ඇත.

කාඩ් පත අමතක වී ඇති බවට දැන ගැනීමත් සමග ඇය සුළු වේලාවකින් එම බැංකුවට පැමිණ යන්ත්‍රය  පරීක්ෂා කිරීමේදී කාඩ් පත අස්ථාන ගත වී තිබිණ.

මේ පිළිබඳව කරන ලද පැමිණිල්ලකට අනුව නිට්ටඹුව පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අතුල මැදවැව මහතා ප්‍රමුඛ පොලිස් නිලධාරීන් පිරිසක් දීර්ඝ ලෙස පරීක්ෂණ පවත්වා ගෙන යන විට ලද තොරතුරකට අනුව  ඌරාපොල ප්‍රදේශයේ දී සැකපිට පුද්ගලයකු අද (27) අත් අඩංගුවට ගෙන ඇත.

මොහු ගෙන් ප්‍රශ්න කිරීමේදී කරන ලද ප්‍රකාශ අනුව අමතක වී යන්ත්‍රය තුල දමා ගොස් තිබූ ඒ.ටී.එම් කාඩ් පත රැගෙන ගොස් නිට්ටඹුව නගරයේම ජංගම දුරකථන අලෙවි හලකින් රුපියල් හැත්තෑ හතර දහසක් වටිනා ජංගම දුරකථනයක් ලබා ගෙන තිබූ බවද පොලීසිය කීය.

මොහු නිට්ටඹුව නගරයේම තවත් ජංගම දුරකථන අලෙවි හලකට ගොස් රුපියල් හතළිස් දෙදහසක් වටිනා ජංගම දුරකථනයක් ලබා ගන්නා මුවාවෙන් වෙළඳ හල් හිමියා එයට අදාල මුදල වෙනුවෙන් කාඩ් පත යන්ත්‍රයෙන් ලකුණු කලායින් පසුව මොහු එය අවලංගු කොට වෙළඳ හල් හිමියා ගෙන් රුපියල් හතළිස් දෙදහසක මුදලක් ලබා ගෙන පිටව ගොස් එම මුදල් උපයෝගී කර ගෙන රෙදිපිළි ලබා ගෙන තිබූ බවද වැඩිදුරටත් කරන ලද පරීක්ෂණ වලදී හෙළි වී තිබිණ.

 



අදහස් (7)

සී.අයි.ඩී කතට අමතක වූ බැංකු කාඩ් පතෙන් ගජරාමෙට මුදල් ඇදල

අසංග Thursday, 27 January 2022 02:38 PM

බැංකු කාඩ් පතක් අමතක වෙන්න තරම් කල්පනාව අඩුද ලංකාවෙ රහස් පොලිස් නිලධාරිනියකට ?

:       8       12

Pradeep KumaraFriday, 28 January 2022 10:09 AM

ප්‍රශ්ණ ප්‍රශ්ණ.. රටේ හැමෝටම දැවෙන ප්‍රශ්ණ. ඉතිං කොයින්ද සිහි කල්පනාවක්? සිහි කල්පනාවක් තියා මේ යන විදියට හුස්ම ටික අරගෙන ජීවත්වෙලා ඉන්නවා කියන්නෙත් ප්‍රාතිහාර්යයක්...!

:       0       0

sugath Thursday, 27 January 2022 04:04 PM

සී.අයි.ඩී කත පින් නොම්මරේත් ලියලා තියලාම ගියාද...?

:       0       0

siri Thursday, 27 January 2022 04:07 PM

ලොක්කාගේ ගෝලයට හොඳනම් අපට බැරි මොකෝ නේද? "එක රටක්මේ එක නීතියක් " සංකල්පය යටතේ මේ මනුස්සයටත් ගත්තු සල්ලි ආපහු දීලා බේරෙන්න පුළුවන් වෙයිද කියලයි අපි මේ බලාගෙන ඉන්නේ...!

:       0       0

Kamal Thursday, 27 January 2022 04:26 PM

නැතිවෙලා කියලා දැනගත්තු ගමන් කාඩ් එක කැන්සල් කරලා නෑ... මරු රහස් පොලිස්...

:       0       0

Damith Thursday, 27 January 2022 04:49 PM

පට්ට මොලකාරයෙක්ට කාඩ්එක හම්බවෙලා තියෙන්නේ. අැයි එම කාන්තාව වහාම බැංකුවට කතාකරලා එය අවලංගු නොකළේ...?

:       0       0

Nimal Friday, 28 January 2022 02:06 PM

අමතකවීම් වෙන්න පුළුවන්. ඒකට රක්ෂාව අදාළ නැහැ. ඇය ලොකු පීඩනයකින් සිටියා වෙන්න පුළුවන්... කෙසේ වුවත් අයට වුණු පාඩුව අයකරගැනීම් අමාරුයි. නඩුව දිගට ගිහින් ඌ හිරේ යයි. ඇය පොලිස් නිලධාරිනියක් නිසා සමහරවිට ගන්න පුළුවන් වෙයි. කවුරුත් අමාරුවෙන් හම්බ කරන සල්ලිනේ... හැබැයි ඌට මතක හිටින දඬුවමක් දුන්නා නම් තමයි හොඳ...!

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 71 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 985 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site