(අංජුල මහික වීරරත්න)
සෞඛ්‍ය සේවකයා රජයේ සේවකයකුට එහා ගිය නිලධාරියෙක් බවට පත් කිරීම බලාපොරොත්තුව බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි මහතා පැවැසීය.
ශල්‍ය වෛද්‍ය ක්ෂේත්‍රයේ ඉතා වැදගත් වෘත්තිකයින් පිරිසක් නියෝජනය කරන හෘදපෙනහළු නිවේශක වෘත්තිකයින්ගේ ක්ෂේත්‍රයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් එම වෘත්තිකයින් හට මෙරට පළමු වරට හෘදපෙනහළු නිවේශණය පිළිබඳ උසස් ඩිප්ලෝමා පාඨමාලාවක් (Higher Diploma in Clinical Perfusionists Training Programme – 2025/27) හදුන්වාදීමට සහ ඊට අදාළ විෂය මාලාව හදුන්වාදීමේ අවස්ථාවට සහභාගී වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කීය.
ඊට අදාළ උත්සව අවස්ථාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) ජාතික රොහලේ Neuro Trauma ශ්‍රවණාගාරයේ දී පැවැති අතර, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යාපන, පුහුණු හා පර්යේෂණ අංශය (Education Training and Research (ET&R) මගින් මෙම වසර 02 ක පුහුණු පාඨමාලාව ක්‍රියාත්මක කරනු ලබයි.
මෙරට 1953 සිට හෘද ශල්‍යකර්ම සිදුකර ඇති අතර, එම කාලයේ සිට වෛද්‍යවරුන් මෙම තනතුරේ වගකීම දරා ඇත.
වර්තමානය වන විට හෘදපෙනහළු නිවේශක තනතුරේ නිලධාරීහු 40 ක් පමණ සිටිති.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
සෞඛ්‍ය සේවකයා රජ්‍ය සේවකයකුට එහා ගිය නිලධාරියෙක් කරනවා
PGPThilak Monday, 11 August 2025 05:26 PM
පොලිස් ඇමැති අනුව පොලිසියේ සේරම පුරවැසියන්ට වඩා ලොක්කෝලු ! අධ්‍යාපන ඇමැති කියනවා ගුරුවරු තමයි හැමෝටම වැඩි ලොක්කන් කියලා! මෙයා කියනවා සෞඛ්‍ය සේවකයින් තමයි ලොක්කෝ කියලා! පුරවැසියන් විදියට අපිට ඔය හැමෝම සේවය කරන විදිය දන්නවා...! ඉස්පිරිතාලවලට ගියාම අහිංසක අපට සලකන්නේ සත්තුන්ට වගේ...! පුරවැසියන්ගේ අයිතීන් අමතක කරලා නිලධාරින් ඔසවා තැබීම තවත් දූෂිත පාලන ක්‍රමයක් බව පාලකයන් සිහියේ තබාගත යුතුයි! ඊළඟ ඡන්දයකදී පුරවැසියන් වෙනුවෙන් ඉදිරිපත් වෙන අදූෂිත දේශපාලන නායකත්වයකට සහාය දෙමු..!