
(අංජුල මහික වීරරත්න)
කොළඹ කාසල් වීදියේ ඉදි කෙරෙන සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව ගොඩනැගිල්ලේ වැඩ කඩිනමින් අවසන් කරන ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා උපදෙස් දුන්නේය.
දැනට විශාල කුලී මුදල් ප්‍රමාණයක් ගෙවමින් බාහිර ස්ථාන වල ස්ථාපිත කර ඇති සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආයතන කිහිපයක් ඉදිරි මාස 4 ක කාලය තුළ මෙම නව ගොඩනැගිල්ලේ ස්ථාපිත කිරීම සදහා සියලු ඉදිකිරීම් කටයුතු වේගවත් කිරීමට පියවර ගන්නා ලෙස ද එම පරිශ්‍රය නිරීක්ෂණය කළ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා කීය.
වර්ග අඩි 375,000 (තුන්ලක්ෂ හැත්තපන් දහස) කින් යුක්ත වන මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීම සඳහා වත්මන් ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 13,500 ක් පමණ වේ. මෙම වර්ෂයේ මුල් කාර්තුව සදහා රුපියල් මිලියන 300 ක මුදලක් ඉදිකිරීම් සදහා වෙන් කිරීමට රජය පියවර ගෙන ඇති අතර, මෙම වර්ෂය තුළ මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු සදහා තවත් රුපියල් මිලියන 3000 ක මුදලක් වෙන් කිරීමට ද රජය අපේක්ෂා කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd