IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


සොලෙක්ස් සමාගම් සමූහයට ‘‘විශ්වසරණ අභිෂේකා”‍ උපහාරය

ශ්‍රී ජයවර්ධනපුර ගුණ සමරු පදනම විසින් BMICH හිදී සංවිධානය කරන ලද තිළිණ පුජා - 21 වැනි උපහාර උළෙලේදී සොලෙක්ස් සමූහය විශ්වසරණ අභිෂේකා යන උපහාරයෙන් පිදුම් ලැබීය.

සොලෙක්ස් සමූහය ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන් වෙත සිදුකරන විශිෂ්ට සේවාව වෙනුවෙන් ශ්‍රී ජයවර්ධනපුර ගුණ සමරු පදනම මගින් මෙවන් ඉහළ ගෞරවයකින් ඇගයීමට ලක්විය.

දශක හතරකට අධික කාලයක් ශ්‍රී ලංකාවේ අංක 01 ජල පොම්ප නිෂ්පාදකයා ලෙස සොලෙක්ස් සමූහය ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන් අතර දැඩි කීර්තියක් සහ විශ්වාසයක් ගොඩනගා ඇත.

මෙම  “විශ්වසරණ අභිෂේකා”‍ සම්මානය, සොලෙක්ස් ව්‍යාපාරයේ නිර්මාතෘ සහ සභාපති කළමනාකාර අධ්‍යක්ෂ දේශබන්දු දේශකීර්ති ලංකාපුත්‍ර උපාලි විජයසිරි මහතා ලබාගත්තේය.

සැබෑ ශ්‍රී ලාංකීය සමාගමක් වන Solx සමාජ වගකීම වෙනුවෙන් කැපවී කටයුතු කරන අතර පසුගිය දශක හතරක කාලය තුළ සමාජයේ අභිවෘද්ධිය වෙනුවෙන් ව්‍යාපෘති කිහිපයක් දියත් කර ඇත. අනුරාධපුර පූජා නගරය ඇතුළු දිවයිනේ විවිධ ස්ථානවල බැතිමතුන් සඳහා සිසිල් සහ පිරිසුදු ජල කළමනාකරණ පද්ධතියක් ලබාදීම, මාර්ග ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසියට අවශ්‍ය මාර්ග බාධක ලබාදීම, කතරගම පවුල් 600කට අධික පිරිසකට පානීය ජල විසඳුම් ලබාදීම, පින්නවල අලි අනාථාගාරය සඳහා අධි පීඩන ජල පද්ධතියක් ලබාදීම ඉන් ප්‍රධාන ව්‍යාපෘති  කිහිපයකි. 2023 වර්ෂය සඳහා ද ග්‍රාමීය ප්‍රදේශ සහ සෞඛ්‍ය පහසුකම් සඳහා ජල සම්පාදන ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක වේ.

සොලෙක්ස් විසින් පිරිනමනු ලබන නිෂ්පාදන පෙළට නිවෙස් සඳහා භාවිතා වන පොම්ප, කෘෂිකාර්මික පොම්ප, කර්මාන්තශාලා සඳහා භාවිතා වන පොම්ප, ජලයේ ගිල්වන (සබ්මසිබල්) පොම්ප, ජෙට් පොම්ප, නළ ළිං පොම්ප, ස්වේජ් (අපද්‍රව්‍ය) පොම්ප, කටර් පොම්ප, ගිනි නිවන පොම්ප, ජල තටාක සඳහා භාවිත වන පොම්ප සහ විශේෂ කාර්ය සඳහා භාවිතා කරන වාහන ඇතුලත් වේ.

595



අදහස් (0)

සොලෙක්ස් සමාගම් සමූහයට ‘‘විශ්වසරණ අභිෂේකා”‍ උපහාරය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site