
(ඉන්දිකා රාමනායක)
රත්ගම ප්‍රදේශයෙන් සොරාගෙන ගොස් තිබූ රුපියල් ලක්ෂ 11 ක් වටිනා ත්‍රීරෝද රථයක් මුහුණු පොත හරහා විශේෂ කාර්ය බළකායේ කොස්තාපල්වරයෙකුට රුපියල් 1,75000 ක් මුදලකට අලෙවිකර තිබියදී සොයා ගත් බව රත්ගම පොලිසිය පවසයි.
සොර බඩු මිලදී ගැනීම සම්බන්ධයෙන් විශේෂ කාර්ය බලකායේ. රාජගිරිය කඳවුරේ කොස්තාපල්වරයාද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙම ත්‍රීරෝද රථය ඉකුත් 16 දින රත්ගම ගාලු පාරේ ගම්මැද්දගොඩ ප්‍රදේශයේ නවතා තිබියදී කිසියම් පිරිසක් විසින් සොරාගෙන ගොස් ඇති බව පොලිසිය කියයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණ පැමිණිල්ලකට අනුව විමර්ශන පවත්වා රජගම පොලිසිය ඊයේ (17) ත්‍රී රෝද රථය සමඟ විශේෂ කාර්ය බළකායේ කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් කොස්තාපල්වරයාගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ මුහුණුපොත හරහා දමා තිබූ දැන්වීමකට අනුව ගොස් රුපියල් 1,75,000 ක මුදලකට එය ලබාගත් බවයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.