IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සුව සහායිකාවගේ ලොකරයෙන් අති විශේෂ මතුවේ

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

කොළඹ ජාතික රෝහලේ පිහිටි වාට්ටුවක සෞඛ්‍ය කාර්යය  සහායිකා වකට අයත් කබඩයක තිබී  අති විශේෂ ලේබලය සහිත රජයේ අරක්කු බෝතල් හතක්  සොයාගත් බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

ලැබුණු තොරතුරක් මත මෙම අරක්කු බෝතල් තොගය සොයා ගනු ලැබුවේ රෝහලේ පරිපාලන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසිනි.

අරක්කු බෝතල් කබඩයක් තුළ සඟවාගෙන සිටි බව කියන එම සෞඛ්‍ය සහායිකා ව ද මේ සමග අල්ලාගත් බව ජාතික රෝහලේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය.

රෝහලේ ඇතැම් සේවකයන්ට විකිණීමට මෙම අරක්කු බෝතල් ඇයගේ කබඩ් එක තුළ  සඟවා තබාගෙන සිටින්නට ඇතැයි සැක කරන බව එම රෝහල් ප්‍රකාශකයා වැඩිදුරටත් කීය

මේ බව සෞඛ්‍ය බලධාරීන්ට ද දැනුම් දී ඇති අතර මෙම සෞඛ්‍ය කාර්ය සහායිකාවට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.



අදහස් (15)

සුව සහායිකාවගේ ලොකරයෙන් අති විශේෂ මතුවේ

Nandalal DE SILVA - France Wednesday, 08 February 2023 10:54 PM

'ගෑනු මොලේ හැඳිමිටේ දිගයි ' කිවුවේ ඉස්සර කාලේ .මේ අම්මණ්ඩි ඔය බෝතල් වල පුරවා ,රෝහලේ බෙහෙත් පිටකර විකිණීම සඳහා යොදාගත් කපටි උපක්‍රමයක් .අසරණ රෝගීන්ට බෙහෙත් නැහැ කියමින් නහයෙන් අඬන දේශපාලුවන්ට මේක හොඳ උදාහරණයක්

:       1       3

Perera Wednesday, 08 February 2023 10:57 PM

වෛද්‍ය බෙල්ලන මහතා ඕවා ගැන මාධ්‍යට කියලා තමයි ඔය සුළු සේවකයින් මහ ලොකු වර්ජනයක් කෙරුවේ

:       0       15

ලලිත් Thursday, 09 February 2023 11:32 AM

සහතික ඇත්ත මේවට රෝහලේ සුලුසේවක පාලකයාත් එදා වර්ජනය මෙහෙයවීමේ ප්‍රධානියාත් කෙලින්ම සම්බන්ධ ඇති කියලා පැහැදිලියි

:       0       9

Sethuhami Thursday, 09 February 2023 12:27 AM

වැඩ කරලා මහන්සි උනාම ගහලා දාන්න වෙන්න ඇති .අපිට මොකෝ ඉතින්

:       5       2

විමර්ශනා Thursday, 09 February 2023 01:25 AM

සේවා ස්ථානයේ බීමත්ව සිටීම බරපතළ වරදක් කියලා තියෙද්දි සේවා ස්ථානයේ මත්පැන් විකිණීම ප්‍රශ්නයක් නොවෙයි කියලා තර්ක කර එම සේවිකාව නිවැරදිකාරියක් කියලා ඔප්පු කරන්න බැරිකමක් නැහැ මේක මූලික විමර්ශනය මතම බැරිනම් විධිමත් පරීක්ෂණයක් කර සේවයෙන් පහකිරීමට තරම් වරදක් වෙනවා

:       1       13

chandima Thursday, 09 February 2023 03:15 AM

කාලේ බෝතල්නේ ?කාලක් ගැහුවට මොනවා වෙනවද ?වැඩිම උනොත් කුණු හරුපයක් දෙකක් කියයි .පවු හලෝ පොල් ගාන්න පඩි මදි නිසා වෙන්න ඇති

:       3       3

අරවින්ද මොණරවිල Thursday, 09 February 2023 06:56 AM

රජයේ රෝහල් වල පවතින උග්‍ර වේදනානාශක ඖෂධ හිගයට පිලියමක් වශයෙන් ඇය මෙවා තබා ගත්තාද දන්නේ නැහැ. පරික්ෂණ පවත්වන නිළධාරීන් ගේ සැලකිල්ලට එයත් ලක් කල යුතුයි.

:       3       9

කටුකෙන්ද Thursday, 09 February 2023 07:49 AM

අවුලක් නෑනෙ ඉතිං...රජයේ අරක්කු බෝතල්නෙ තියාගෙන ඉදලා තීන්නෙ....

:       0       9

Lalla Thursday, 09 February 2023 08:56 AM

රජයේ අරක්කු? ඉස්කාගාර සංස්ථාව පෞද්ගලික අංශයට දීල අවුරුදු විස්සකට වැඩියි නේද?

:       0       11

Ruwan Thursday, 09 February 2023 09:02 AM

ඔහොම බිස්නස් එකක්වත් නොකර අද කාලෙ ජීවත් වෙනව කියන එක ලේසි නෑ යකෝ. තේරුම් ගනියව්, ඔය රටක් අල්ලන්න නෙවේ. ජීවිතේ ගැට ගහගන්න

:       5       11

නිහාල් Thursday, 09 February 2023 09:24 AM

නියෝජ්‍ය අඅධ්‍යක්ෂ ගෙ කාමරය වටලපු අය දැන් මොනවද කියන්නෙ.

:       2       22

Bunny Preena Thursday, 09 February 2023 09:57 AM

සුමිහිරි පානේ පදමට ගහලා හෙට මරුනත් හිතට සැපයි අද ජොලි කරලා.

:       0       3

Janindu Thursday, 09 February 2023 12:06 PM

ෆොටෝ එකේ හැටියට බෝතල්වල තියෙන්නෙ අරක්කු නෙමෙයි වගේ...

:       0       0

රංජිත් Thursday, 09 February 2023 01:16 PM

වෛද්‍ය බෙල්ලනට විරුද්ධව කෑ ගැහුවනේ... දැන් එක එක්කෙනාව අල්ලනවා බොරුවට අරක්කු දාලා... එක මනුස්සයෙක්ට කසිප්පු දැම්මා... තව අල්ලයි බොරු දාලා... මොන මෝඩයාද අරක්කු තමන්ගේ ලොකර් එකේ දාන්නේ...? ඇයි අරක්කු අහේනියක්ද?මේවා විශ්වාස කරන මිනිස්සුත් ඉන්නවානේ..!

:       0       0

HARAMANIS Thursday, 09 February 2023 02:42 PM

අර බෙල්ලන මහතා කියපු දේවල් ඇත්ත නේද? දැන් ඔය යූනියන් ඉන්නේ රෙදි ඇඳගෙනද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 690 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 449 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site