IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සිසුන්ට කන්න ගෙනා සහල්- පරිප්පු නරක් වෙලා

 

(සමන් දිසානායක)

රජයේ ආහාර , පෝෂණ වැඩසටහන යටතේ තඹුත්තේගම කලාපයේ පාසල් දරුවන්ට උදේ ආහාරය ලබාදීමේ වැඩසටහන සඳහා ලබාදුන් සහල්  කිලෝ 5,300ක් සහ පරිප්පු කිලෝ  2,100 ආහාරයට නුසුදුසු තත්ත්වයේ පැවතීම නිසා තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයෙන්  තඹුත්තේගම මහේස්ත්‍රාත් බුද්ධික මලවත්ත මහතා ඉදිරියේදී විනාශ කරනු ලැබිණි.

ලැබුණු තොරතුරක් මත කළ වැටලීමකදී තලාකොළ වැව ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ දරුවන්ට ආහාර සකස් කිරීම වෙනුවෙන් ලබාදීම සඳහා ලොරි රථයකින් රැගෙන යමින් තිබියදී පරිප්පු   හා සහල් තොගයක් අත්අඩංගුවට ගනු ලැබිණි.

 ඒ ඔස්සේ තඹුත්තේගම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වැඩිදුරටත් සිදුකළ පරීක්ෂණයේදි තඹුත්තේගම ප්‍රාථමික විද්‍යාලයේදී හා තඹුත්තේගම කලාප අධ්‍යාපන කාර්යාලයේදී පාරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ තිබූ තවත් පරිප්පු සහ සහල්  තොගයක් අත්අඩංගුවට ගනු ලැබිණි.

රජයේ රස පරීක්ෂක වාර්තාව අනුව පාසල් දරුවන්ට ආහාර සකස් කිරීමට ලබාදී තිබූ පරිප්පු සහ සහල් වල දිලීර , සත්ව කොටස්  සහ පිළිකාකාරක කොටස් අඩංගු බැවින් ඒවා මනුෂ්‍ය පාරිභෝජනයට  නුසුදුසු  තත්ත්වයේ පැවතීම නිසා එම භාණ්ඩ විනාශ කිරීමට අධිකරණ නියෝගය ලැබීණි.

තලාව ප්‍රාදේශි සභා ඔරුගලයාය කසල ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයේදී තඹුත්තේගම මහේස්ත්‍රාත් බුද්ධික මල්වත්ත මහතා ඉදිරියේදී  එම සහල් සහ පරිප්පු කාබනික පොහොර සකස් කිරීම සඳහා කසල සමග මිශ්‍රකර විනාශ කරනු ලැබිණි.

 

 

 



අදහස් (1)

සිසුන්ට කන්න ගෙනා සහල්- පරිප්පු නරක් වෙලා

Niranga Wednesday, 04 December 2024 02:10 PM

සත්ව ආහාර වලට ගත්තානම් හොඳයිනේ

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site