IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සිසුන්ගේ දිවා ආහාරය ගැන රජයෙන් ප්‍රතිපත්ති තීන්දුවක්

(අංජුල මහික වීරරත්න)

පාසල් සිසුන්ට ආහාර වේලක් ලබාදීමේ  ලෝක ආහාර වැඩසටහනෙ මේ වන විටත් ක්‍රියාත්මක වැඩ පිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට රජය ප්‍රතිපත්තිමය තීන්දුවක්  ගෙන ඇතැයිජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පැවසීය.

 පාසල් සිසුන්ගේ රක්තහීනතාව අඩු කිරීම ඉලක්ක කරගෙන මෙම පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන අරඹා තිබේ.

ජනාධිපති ලේකම්වරයා මෙම අදහස් පළ කළේ අදාළ වැඩසටහනට සම්බන්ධ සියලුම අමාත්‍යාංශ, රාජ්‍ය ආයතන සහ ලෝක ආහාර වැඩසටහන, බිල් සහ මිලින්ඩා ගේට් පදනම හා පාත් පයින්ඩර් ආයතන නියෝජිතයන් ඇතුළු සියලුම පාර්ශවකරුවන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවති සාකච්ඡාවේ දී ය.

හඳුනාගත් අඩු පෝෂණ මට්ටමේ දරුවන් සිටින දිස්ත්‍රික්ක වල ප්‍රාථමික අංශයේ දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන පාසල් දිවා ආහාරය ලබා දීමේ රජයේ වැඩසටහනට සමගාමීව, පාසල් දරුවන් අතර යකඩ ඌණතාවය අවම කිරීම ඉලක්ක කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි. අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, පළාත් සභා, ආහාර ප්‍රවර්ධන මණ්ඩලය, ලෝක ආහාර වැඩසටහන සඳහා වූ හවුල්කාරීත්ව ලේකම් කාර්යාලය ඒකාබද්ධව මෙය  ක්‍රියාත්මක කෙරේ. පාසල් දිවා ආහාරය ලබාදීමේ වැඩසටහන සඳහා රජය විසින් මේ වසරේ වෙන් කර ඇති ප්‍රතිපාදන ප්‍රමාණය රුපියල් බිලියන 32 කි. 

තෝරාගත් දිස්ත්‍රික්ක 4ක නියමු වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර එහි ප්‍රතිඵල සම්බන්ධයෙන් සෞඛ්‍ය හා පෝෂණ අංශ විසින් කෙරෙන විධිමත් අධ්‍යයනයකින් පසු දීප ව්‍යාප්තව මෙය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම තුළින් පාසල් දරුවන්ගේ යකඩ ඌණතා ගැටලුව අවම වී ඇද්ද යන්න සොයා බැලීම අධ්‍යයනයේ අරමුණයි.  

විශේෂයෙන් පාසල් දරුවන්ගේ රක්තහීනතාව තුරන් කිරීම සඳහා යකඩ සහ ෆෝලික් අම්ලය එකතු කර සකස් කරන සබලකෘත සහල් ( Fortified Rice ) පාසල් දරුවන්ගේ දිවා ආහාරයට එකතු කිරීම මේ යටතේ සිදු කෙරේ.

මේ වැඩසටහන සඳහා ලෝක ආහාර වැඩසටහන, බිල් සහ මිලින්ඩා පදනම, ගේට්වේ පදනම හා ෆාත්ෆයින්ඩර්  පදනම තවදුරටත් සහය ලබා දීමට ද එකඟ විය.

 



අදහස් (3)

සිසුන්ගේ දිවා ආහාරය ගැන රජයෙන් ප්‍රතිපත්ති තීන්දුවක්

C.K.Lankaputhra Thursday, 24 April 2025 10:54 AM

රාජපක්සලා මේ වෙන කොටත් බලයේ නැත්තේ ජාතියේ වාසනාවකට, නැත්තන් ඔය බිලියන 32 න් තිස් එකක්ම මකර කටේ. රනිල් පක්ස හිටියානම් 30 ක් මකර කටේ.

:       8       13

SarathThursday, 24 April 2025 11:25 AM

අනේ උඹ දන්න රෙද්දක්

:       7       6

Kamal Koyrala Thursday, 24 April 2025 11:18 AM

කොළඹට කිරි ගමට කැකිරි මතකයට නගාගෙන මේ කටයුත්ත කල හැකි වේවා

:       2       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 694 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site