(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)
කළුතර බෝධියේ පහත මළුවේ විහාර මන්දිරයට පූජා කර තිබූ සිවුරක් සොරා ගත් මදුරු මර්දන සහායකයෙකු අත්අඩංගුවට ගත් බව කළුතර දකුණ පොලිසිය කියයි.
මීට මාස දෙකහමාරකට පමණ ඉහත දී මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයෙකුගේ මිය ගිය මිත්තණියගේ අවමඟුල් උත්සවයට සහභාගි වීමට නොහැකි වූ බැවින් තෙමස් දානමය පිංකමට සහභාගිවී පූජා කිරීම සඳහා සොරකම සිදුකළ බවට ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි.
සැකකරු සිවුර සොරා ගන්නා අයුරු දුටු බෝධි පරිශ්‍රය පිරිසුදු කිරීමේ නිරත සේවකයකු බෝධි පරිශ්‍ර පොලිස් මුරපොළේ උප පොලිස් පරීක්ෂක අජිත් අමරතුංග මහතාට කරන ලද දැනුම්දීමක් අනුව වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරියා සැකකරු අත්අඩංගුවට ගෙන ඔහු සන්තකයේ තිබූ බෑගයේ තිබු සිවුර ද සිය භාරයට ගෙන ඇත.
කළුතර බෝධිය වන්දනාමාන කිරීම සඳහා ගෙන එන බැතිමතුන් විසින් පූජා කරන ලද සිවුරු ඇතුළු අනෙකුත් භාණ්ඩ පහත මළුවේ වීදුරු කබඩ් එකක තැන්පත් කර තිබෙන බවත් අගුලු නොදා තිබෙන එම වීදුරු කබඩ් එක විවෘත කල සැකකරු සිවුර සොරා ගෙන තිබූ බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අත් අඩංගුවට ගත් සැකකරු කලුතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනුයුක්ත සේවය කරන්නෙකි.
44 හැවිරිදි සැකකරු බුලත්සිංහල කුඩලිගම පදිංචිකරුවෙකි .සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ කරපු ලොකුම හොරකම...
ඒ මනුස්සයාට අවවාද කරලා මුදා හරින්නේ නැතිව පොලිසියත් කරන්නේ මාර වැඩ තමයි...!
ප්‍රංශ ලේඛක වික්ටර් හියුගෝගේලා මිසරාබ්ලේ පොතේ කියවෙන විදිහට අපෙත් ලොකු හාමුදුරුවෝ මමයි සිවුර අරන් යන්න කිව්වේ මොකෝ දීපු සෙරෙප්පු දෙක දාලා ගියේ කියලා ඇසුවා නම් කොපමණ අගනේද? කියා සිතෙන්නේ මට විතරද?
ඇත්තටම පොලිසියේ වැඩ ගැන හරිම පුදුමයි. එම සිවුරක් වැඩිම වුණොත් රුපියල් තුන්දාහක් වෙන්න පුළුවන් ඒක වීදුරු කබඩයේ තිබුණත් කාටවත් ප්‍රයෝජනයක් නැහැ... ගත්තු කෙනා සාංඝික දේවල් ගැනීමේ විපාක විඳීවි... ඉතින් පොලිසිය මේක අරගෙන උසාවි ගියාම ඒ වෙනුවෙන් රජයේ වාහන නිලධාරින් මුදල් බන්ධනාගාර නිලධාරින්... එහිදී ආහාර ආදියට කොපමණ වියදම් වෙනවාද? රාජකාරි කාලය කොපමණ නාස්ති වෙනවද? මෙහෙම දේවල් නොකර ස්ථානාධිපතිට මිනිහා සිවුරට හිමිකම් තිබෙන අයට ඉදිරිපත් කර දඬුවමක් දෙන්න නොහැකිද? දැන් ඊළඟට ඒ මිනිහගේ රැකියාවටත් ප්‍රශ්නයක් වෙනවා කියලා හිතන්නේ නැද්ද? එහෙම නැත්නම් පොලිසියට වාහන දඩගැසීම් වගේ දඩයක් ගහන්න බැරිද? එහෙමත් නැත්නම් හොරාගේ ඔෆිස් එකට දන්වා විනයානුකූලව දඬුවම් කරන්න බැරිද මෙහෙම වැඩ කරද්දී කාලය රන් හා සමානයි කියන්නේ කොහොමද?