(යොහාන් භාසුර)
පිටකොටුව ප්‍රදේශයේ කළ වැටලීමකදී සගවා තිබූ කීරි සම්බා කිලෝග්‍රෑම් 5 අසුරන 3,000 ක කිලෝග්‍රෑම් 15,000 ක් භාරයට ගෙන නඩු පැවරූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසීය.
පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරි කුරුණෑගල දිස්ත්‍රික්කයේ විශේෂ කණ්ඩායම් යොදවා කළ වැටලීම්වලදී සහල් සම්බන්ධව වැටලීම් 40 ක් කළ බව ද එම අධිකාරිය සඳහන් කළේය.
කුලියාපිටිය, නාරම්මල, ගිරිඋල්ල, මාවතගම, පොල්ගහවෙල, අලව්ව, උහුමිය, නාරම්මල, නිකවැරටිය, කොබෙයිගනේ, හෙට්ටිපොල, ගල්ගමුව, අබන්පොල, දළදාගම සහ මහව යන ප්‍රදේශවල මෙම වැටලීම් කළ බවත් එහිදී ආනයනික සම්බා සහල් කිලෝවක් රුපියල් 280 ට සහ දේශීය කීරි සම්බා කිලෝවක් රුපියල් 270 වැනි මිල ගණන්වලට අළෙවිකරණ කළ වෙළදුන් හසුවූ බත් එම අධිකාරිය සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කීරි සම්බා මිල ටිකක් වැඩි වුණාට කමක් නෑ. ගෝඨාභය මහත්තයාගේ කාලේත් මට මතක විදියට 240ට ගත්තේ...!
පිටකොටුවේ කෙරෙන්නේ තොග වෙළඳාම, තොග ගන්න වෙළෙන්දොන්ට අවශ්‍ය ප්‍රමාණයට සැපයීම කරන්නේ එතනින්. ඉතින් තොගයක් පවත්වාගෙන යන්නේ නැත්නම් කොහොමද විකුණන්නේ? කිලෝ 15,000 ක් කියන්නේ ලොකු තොගයක් නෙවෙයි. කඩ 3කින් තමන්ට වුවමනා හාල් තොග ගත්තොත් එක ඉවරයි.
කොහොමත් බිස්නස්කාරයොන්ගේ ළමයි අංගවිකල වෙලා ඉපදෙන්නේ කරන තිරිසන් වැඩ වළට තමයි. පිටකොටුවේ තොග කඩවල් අයිතිකාරයන්ගේ ළමයි දිහා බලන්න. බහුතරයක් අංගවිකලයි.
සියලුම වැටලීම් චෝදනා ලබන කඩ/ හෝටල්/ නඩු කටයුතු අවසාන වන තෙක් මුද්‍රා තැබිය යුතුයි.