
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හොරණ මූලික රෝහලේ සායනවලට සහභාගි වන රෝගීන්ට උපදේශන ලබා දෙන අතරවාරයේදී එක්තරා දේශපාලන පක්ෂයකට ඡන්දය ලබා දෙන ලෙස පැවසූ බව කියන හෙද නිලධාරියකු තාවකාලිකව එම කටයුතුවලින් ඉවත් කළ බව කළුතර දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණය කිරීමේ මධ්‍යස්ථානය සඳහන් කරයි.
ඒ සම්බන්ධයෙන් මධ්‍යස්ථානය වෙත එම එම හෙද නිලධාරියගේ නම සහිතව නිර්නාමිකව ලද පැමිණිල්ල අනුව සහකාර තේරීම් භාර නිලධාරී ශානක ත්‍රිමාන්න මහතාගේ උපදෙස් මත හොරණ මූලික රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂවරයා සමග හා හොරණ මූලස්ථාන පොලිසිය සමඟ දුරකථනයෙන් සම්බන්ධව ඒ සම්බන්ධයෙන් දැනුම් වත් කර විමර්ශන ආරම්භ කළ බව එම මධ්‍යස්ථානයේ ප්‍රකාශකයකු පැවසීය.
ඒ අනුව අදාල හෙද නිලධාරියාව කාර්යාලය වෙත කැඳවා අදාළ කටයුතුවලින් වළකින ලෙස අවවාද කර තාවකාලිකව උපදේශන කටයුතුවලින් ඉවත් කිරීමට කටයුතු කළ බව දිස්ත්‍රික් පරිපාලන නිලධාරී සම්පත් උඩුමුල්ල මහතා විසින් ලිඛිතව සහකාර තේරීම් භාර නිලධාරී ශානක ත්‍රිමාන්න මහතා වෙත දැනුම් දී තිබූ බව එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.
COMMENTS
සිරුරට ප්‍රතිකාර කරන ගමන් හිතටත් බෙහෙතක් දෙන්න උත්සහ කරන්න ඇති.