(අංජුල මහික වීරරත්න)

සාම පා ගමන සඳහා ලංකාවට වැඩම වන භික්ෂුන් වහන්සේ ගෞරවයෙන් පිලිගෙන ඉවසීමෙන් හා සැදැහැ සිතින් දායක වන ලෙස උතුරු ඇමරිකාවේ ප්‍රධාන සංඝ නායක හේනේපොළ ගුණරතන නාහිමියන් ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ පා ගමන දෙස ලොකයක් බලා සිටින බවද ගුණරතන නාහිමියෝ කියති.

නිවේදනයක් නිකුත් කරමින් ගුණරතන නා හිමියෝ මෙසේද සඳහන් කරති.

සාම පාගමන සහ සම්බුද්ධ ධාතුන් වහන්සේ මෙන්ම ශ්‍රී මහා බෝධි ශාඛාවක් ලංකාවෙන් ඇමරිකාවට වැඩම කරවීමේ පුණ්‍ය වැඩසටහන සමග සමස්ත බෞද්ධ ලෝකයේම අවධානය යොමු වී ඇති බව සැබෑ ය. එවැනි පසුබිමක මෙරට බොදු උරුමය සහ වටිනාකම ලොවට කියා පෑමට උතුම් අවස්ථාවක් කරගන්නා ලෙස ලංකාවේ සියලු බෞද්ධ ජනතාවගෙන් මෙත් සිතින් ඉල්ලා සිටිමි.