
(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශය කොවිඩ් රෝගීන් 24 දෙනෙකුගේ ජෛව පටල සාම්පල ජාන විශ්ලේෂණයට ලක් කිරීමේදී ඉන් සාම්පල 20 කම තිබී හමුවී ඇත්තේ වේගවත් පැතිරීමක් සහිත ප්‍රබල ඔමික්‍රොන් බී.ඒ 5 කොවිඩ් අනු ප්‍රභේදය බව එම අංශයේ ප්‍රධානී මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසීය.
බී.ඒ අනු ප්‍රභේදය සහිත රෝගීන් බොහෝ දෙනකු කොළඹ සහ ඒ අවට ප්‍රදේශවල අය බවද හෙතෙම සඳහන් කළේය.
කොවිඩ් රෝගීන්ගේ ජෛව පටල සාම්පල ජාන විශ්ලේෂණය කිරීමේ (සැර කොරෝනා ප්‍රභේද සෙවීමේ) තවත් පරීක්ෂණයක් ලබන 8 වෙනිදා සිදු කරන බව සඳහන් කළ ජීවන්දර මහතා එම පරීක්ෂණය මඟින්ද කොවිඩ් පැතිරීම සම්බන්ධයෙන් තවත් තොරතුරු සොයා ගැනීමට අපේක්ෂා කරන බවද සඳහන් කළේය.
ලෝකය පුරා මේ දිනවල තදින්ම පැතිරෙන්නේ මේ නව අනු ප්‍රභේදය බවත් මේ ප්‍රභේදය හේතුවෙන් ඉදිරියේදී යම් අවදානම් තත්වයක් මතු වීමට ඉඩ ඇති බවත් මහාචාර්යවරයා කීවේය.
ජනතාව මෙනිසා සෞඛ්‍ය නීති නිසියාකාරව පිළිපදිමින් කටයුතු කිරීම වැදගත් බව සඳහන් කළ චන්දිම ජීවන්දර මහතා විශේෂයෙන්ම සෙනග ගැවසෙන ස්ථානවල මුව ආවරණ පැළඳ කටයුතු කළ යුතු බවද සඳහන් කළේය.
මෙම අනු ප්‍රභේදය සමග රටේ කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමක් පෙනෙන්නට ඇතැයි ඔහු වැඩිදුරටත් පැවැසීය.
2025 නොවැම්බර් මස 21
160
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
231
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1100
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
සාම්පල 24කින් 20ක්ම සැර කොරෝනා