IMG-LOGO

2025 ඔක්තෝබර් මස 20 වන සඳුදා


සාමකාමී උද්ඝෝෂකයන්ට පහරදුන්නාට හිටපු ඇමැතිවරු ඇතුළු 22ක් අල්ලන්නැයි නීතිපතිගෙන් උපදෙස්

(මනෝප්‍රිය ගුණසේකර)

සාමාකාමී උද්ඝෝෂකයින් සිටිනි මයිනා ගෝ ගමට’ සහිගෝඨා ගෝ ගමට’ පහර දීමේ සිද්ධීන් වලට සම්බන්ධ හිටපු ඇමතිවරු ඇතුළු 22 දෙදෙනකු වහාම අත්අංඩගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතීපතිවරයා පොලිස්පතිවරයාට සහ රහස් පොලිසිය බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට අද ලිඛිතව උපදෙස් දී ඇත.

මෙම සිද්ධීන් සම්බන්ධයෙන් පොලිසිය සිදුකළ විර්ශන සම්බන්ධ උධෘත ඇතුළු සංක්‍ෂප්ත තොරතුරු නීතීපති දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් විසින් සළකා බැලීමෙන් අනතුරුව පොලිස්පතිවරයාට සහ රහස් පොලිසිය බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට නීතීපතිවරයා එලෙස උපදෙස් දී ඇත.

එම අපරාධ සිද්ධීන් සම්බන්ධයෙන් දේශපාලනඥයින්ට අමතරව කොළඹ ප්‍රදේශය බාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාද වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නීතීපතිවරයා වැඩිදරටත් පොලිස්පතිවරයාට උපදෙස් දී ඇත.

අත්අඩංගුවටට ගන්නා ලෙස උපදෙස් දී ඇති පිරිස අතර හිටපු රාජ්‍ය ඇමති සනත් නිශාන්ත, පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් වන සංජීව එදිරිමාන්න, මිලාන් ජයතිලක, මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු, කොළඹ නාගරික මන්ත්‍රීවරයකු සහ ස්වයං රැකියා නියුක්තිකයින්ගේ සම්මේලනයේ සභාපති වන මහින්ද කහඳගම, සමාජ ක්‍රියාකාරිකයකු බව කියන ඩෑන් ප්‍රියසාද්, නමැත්තෝද වෙති

හිටපු අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා සම්බන්ධයෙන් දී ඇති උපදෙස් මොනවාදැයි කළ විමසීමකදී මෙම සිද්ධීන් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වල උධෘත ඇතුළු සංක්‍ෂප්ත තොරතුරු සමීපව සළකා බැලීමෙන් අනතුරුව ඔහු සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව උපදෙස් දීමට පියවර ගනු ඇතැයි නීතීපති දෙපාර්තමෙන්තු ආරංචි මාර්ග සඳහන් කරයි

මෙම සිද්ධීන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වල ප්‍රගතිය නීතීපති දෙපාර්තමෙන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්ඩායමක් විසින් පරීක්‍ෂා කරන බවත් ඉන් අනතුරුව මෙම සිද්ධීන් සම්බන්ධයෙන් ගතයුතු වැඩිදුර පියවර සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් දීමට පියවර ගන්නා බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි

 



අදහස් (3)

සාමකාමී උද්ඝෝෂකයන්ට පහරදුන්නාට හිටපු ඇමැතිවරු ඇතුළු 22ක් අල්ලන්නැයි නීතිපතිගෙන් උපදෙස්

Neranja buddini Tuesday, 17 May 2022 11:54 AM

මහින්ද ගත්තේ නැත්තම් අනිත් උනුත් අරන් වැඩක් නෑ මොකද ඔතන මුල් තැන ගත්තේ මහින්ද අනිවාර්යයෙන් හිටපු අගමැති මහින්ද අත්අඩංගුවට ගන්න ඕන

:       0       0

Deepal Nirosh Tuesday, 17 May 2022 12:13 PM

එහෙනම් ඉක්මනට කොළඹ ජාතික රෝහලේ හෝ තදාසන්න පෞද්ගල්ක රෝහලක හෝ නේවාසික රෝගී කාමර 22ක් සූදානම් කරන්න. දැනටත් ප්‍රමාදයි.

:       0       0

fairoos Wednesday, 18 May 2022 01:48 PM

පොලිසියට කට්ටිය හොයාගන්න පුළුවන් වෙයිද මන්දා..?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1048 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1081 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 419 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site