(රෝෂන් තුෂාර)
බොරැල්ල සහස්පුර සිරිසරඋයන මහල් නිවාස සංකීර්ණය ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට අත් අඩංගුවට ගත් පළමු සැකකරු ලබන 25 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ කොළඹ ප්‍රධාන තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය ආධාර අනුබල දුන්නේ යැයි කියන තවත් සැකකරුවන් තිදෙනෙකු පැය 24 ක් පොලිස් භාරයේ රඳවා ප්‍රශ්න කිරීමට අවසර ලබා දුන්නාය.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් කොළඹ අපරාධ කොට්ඨාශය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝග නිකුත් කෙරිණි.
පළමු සැකකරු දින තුනක රැදවුම් නියෝග ගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මෙසේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
පසුගිය 7වනදා රාත්‍රියේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදු කර පලාගොස් තිබූ අතර, එහිදී තුවාල ලැබූ පස් දෙනකු රෝහල්ගත කළ අතර තිදෙකු මිය ගොස් ඇති බව කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
සහස්පුර වෙඩි තැබූවන්ට අධිකරණය දුන් නියෝගය