
(රංජිත් රාජපක්ෂ)
රජය මගින් දිවයින පුරා වතු කම්කරු පවුල් එක් ලක්ෂ පහලොස් දහසක් අටසිය හැට හත් දෙනෙකුට විශේෂ සහනාදාර මිලකට තිරිගු පිටි කිලෝවක් රු 80 බැගින් මසකට තිරිගු පිටි කිලෝ 15 ක් ලබාදිමේ වැඩසටහන යටතේ බගවන්තලාව බොගවාන වතු යායේ වතු කම්කරු පවුල් වෙත තිරිගු පිටි ලබාදිම එම වතු යායේ පාලන අධිකාරිය අද (21) දින සිදු කළහ.
මුදල් අමාත්‍යංශය , වතු නිවාස සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යංශය , වෙලද අමාත්‍යංශය , සමුපකාර සේවා සහ අලෙවිකරණ සංවර්ධන සහ පාරිභෝගික සේවා ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශය යන අමාත්‍යංශ එක්ව වතු කම්කරු පවුලකට රු 80 බැගින් සහනදායි මිලකට මසකට තිරිගු පිටි කිලෝ 15 ක් ලබාදිමේ වැඩපිලිවෙළ අරඹා ඇත.
මෙරට ප්‍රධාන තිරිගු පිටි සමාගමක් විසින් කිලෝ 15 ක් බැගින් ඇසුරුම් කරන ලද තිරිගු පිටි තොග තිරිගු පිටි සමාගම විසින් මේ වන විට ප්‍රදේශයේ පිහිටි සමුපකාර සමිති හරහා වතු සමාගම්වලට අවශ්‍ය තිරිගු පිටි එම වතු යායටම ප්‍රවාහනය කර බෙදා හැර තිබේ.
තේ වතු සමාගම් විසින් වතු කම්කරුවන්ගේ වැටුපෙන් මාසිකව තිරිගු පිටි කිලෝවක් සදහා රු 80 බැගින් අය කර එම මුදල වතු යටිතල පහසුකම් අමාත්‍යංශය වෙත යොමු කිරිමෙන් පසු එම අමාත්‍යංශය සහ තිරිගු පිටි සමාගම් අතර අත්සන් කර ඇති ගිවිසුමක් අනුව එම වතු යායට මාසිකව අවශ්‍ය තිරිගු පිටි ප්‍රමාණය තිරිගු පිටි සමාගම විසින් සමුපකාර සමිති හරහා බෙදා හරිනු ලබයි.


2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සහන මිලකට වතුකම්කරුවන්ට තිරිගුපිටි
Senarath Monday, 21 February 2022 02:01 PM
ඒ මිනිස්සුන්ට පොරොන්දු වුණු දිනක වැටුප රුපියල් 1000 තවමත් ලැබෙන්නේ නැති නිසා මේ සහනය ඉතාම වටිනවා. මෙයට අමතරව වැටුප 100ත් ඉක්මණින්ම දෙනවා නම් හොඳයි. අද රුපියල් 1000කින් මොනවා කරන්නද?