
(සුරංග රාජනායක)
දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ අධික වර්ෂාවත් හේතුවෙන් ගම්පොල දුනුකේඋල්ල ප්‍රධාන මාර්ගයේ ඉහළගම සොහොන් පිටිය ද නාය යාමට ලක්ව එහි වල දමා තිබු මිනී පෙට්ටි සමග මළ මිණි මාර්ගයට පැමිණ දැනට මාසයක් ගතවී ඇතත් එම මීනි ඉවත් කිරීමට බලධාරින් මැදිහත් වී නැතැයි ගම්වාසීහු චෝදනා එල්ල කරති.
ඉකුත් 27 වැනි දා සිදුවූ ආපදාව සමග මෙම සොහාන් පිටිය නාය යාමට ලක්විය.
මාසයකට ආසන්න කාලයක් මෙම ප්‍රදේශයේ ජනතාව මේ පිළිබඳව බලධාරින්ට දන්වා ඇතත් මේ දක්වා ඒ සම්බන්ධයෙන් අවධානය යොමු නොකිරිම නිසා ප්‍රදේශයේ ජනතාව රෝ බියකින් පෙලෙන්නට හේතු වී ඇත. මාර්ගය අවහිරවීම නිසා දුනුකේඋල්ල ප්‍රදේශයේ පවුල් දෙදහසක් පමණ එම ගමට කොටුවී ඇති බවද ඔවුහු පවසති.
මේ පිළිබදව අදහස් දැක් වු ප්‍රදේශයේ කාන්තාවක් වන ජයන්ති කුමාරි මෙසේ කිවාය.නාය යාමෙන් සොහොන් පිටියේ වලදමා තිබු මීනි සමඟ පෙට්ටි හතරක් මතුව පාරට පැමිණ තිබෙනවා. අදට මාසයකට කිට්ටුයි. අපි උඩපලාත ප්‍රාදේශිය ලේකම්වරියට මේ ගැන කිව්වා. නමුත් වැඩක් වුණේ නෑ. අපි දැන් අසරණ වෙලා. කුණු වී මඩ මුසුව ඇති මේ මීනිවලින් භයානක රෝග පැතිරෙන්න පුළුවන්.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ප්‍රාදේශීය ලේකම්වරියගෙන් නිදහසට කරුණු අහන්න ඕන.
තමන්ගෙ ඥාතීන්ට සැබෑ ආදරයක් තියෙනවනම් ජීවත්වෙලා ඉන්න අය ආණ්ඩුවම හැමදේම කරල දෙනකම් බලන් ඉන්නැතුව මිණී නැවත භූමදානය කිරීමට පියවර ගැනීම සුදුසුයි.
අඩු ගානේ දැන්වත් මේ දේවල් වලට අදාල ආණ්ඩුවේ බලධාරීන් මේකට විසඳුමක් දෙනු.
ඉතින් ගමම එකතු වෙලා වලදාගනිල්ල --- එකත් ආණ්ඩුවට කියන්නේ ..... කම්මැලි පෙප්පෝ
ගමේ ඉන්න කාලකන්නි ටිකට ඔය මිනී පෙට්‍ටි 4 වලදාගන්‍න බැරි ඇයි දන්‍නැහැ
ඔය හැම දෙයක්ම රජයට කරන්න පුළුවන් ද? ඕවා ගමේම අය එකතු වෙලා කළ යුතු වැඩ!!
මේ වගේ රටක ඉපදෙන්ට අපි කොයි තරම් පව් කරලා ඇත්ද?
„Live or death“- ජීවත් වෙලා ඉන්න අයටද මැරිච්ච අයටද මේ වෙලාවේ මුලින්ම සැලකිය යුතුයි කියලා ටිකක් හිතන්න කරුණාකරලා!
ග්‍රාමසේවක අල්ලගෙන ඔය මිනීවල අයිති නෑයො එක්ක වලලපල්ල, ආණ්ඩුවට සේරම කරන්න බැහැ මිනී වලනවට වඩා වැඩ තියෙනව.
ආන්ඩුවට වැඩ ගොඩක් තියෙනවා මේ වෙලේ කරන්න.. පරන මිනී හතරක් වලදානවට වඩා...
සුනාමිය වෙලාවෙ තෙල්වත්ත , පැරෑලියෙ කෝච්චිය වතුරට යටවෙලා මිනිස්සු මැරිල ඒ මිනී වතුරට ගහගෙන ඇවිත් අපේ ගෙවල් පිටිපස්සෙ කුනුවෙල තියෙද්දි ඒ ගැන කාටවත් දොස් කියන්න අපි ගියෙ නැහැ නීතිය ප්‍රකාරව එවැනි මිනී උනත් එකපාරට වලලන්න බැරි නිසා. ඒත් ඔය සූසාන භූමියේ මතුවෙලා තියෙන මිනී වලලන්න පිටින් කවුරුවත් එනකන් බලන් ඉන්න ඕන නැහැ,. ඔය ප්‍රවෘත්තිය වාර්තා කල වාර්තාකාරය මිනිහෙක් නම් ගම්මු එකතු කරගෙන ඒ මිනී ටික ආපහු වලලන්න තිබුන. ඒක සමහරවිට ඔය අවතැන් වෙලා ඉන්න ජනතාවට කෑමෙන් බීමෙන් උදව් කරනවාට වැඩි උද්ව්වක් වෙන්නත් තිබුන.
හැමදේම රජයෙන් කරල දෙනකම් බලාගෙන ඉන්න අය ටිකත් වතුරටම ගහගෙන යන්න තිබුනේ... යකෝ මුළු රටම විපතට පත්වෙලා තියෙද්දි මොවුන්ට පොඩි දෙයක් කරගන්න අතපය පණ නැද්ද...? ලැජ්ජා වෙන්න ඕනෑ මුන්... දකුනේ මිනිස්සු ඇවිත් මොවුන්ට උපරිම මහන්සියෙන් දේවල් කරලා දෙද්දී... මොවුන් වගේ එවුන් තමයි වැලලෙන්න තිබුනේ මුලින්ම...
ආණ්ඩුව ට..තියන..ආදරය..කමෙන්ට්.බලපුවම...
ලාල්, ඔය කෙඳිරිගාන්නේ ජෙප්පෝ නොවෙයි, තමුන්ලාගේ පාලකයෝ බිහිකළ අය, රටපුරා ජෙප්පෝ තමයි ඔය පැත්තට ඇවිත් පාරවල් සුද්ද කරලා ගෙවල් සුද්ද කරලා ජනතාවට යහපතක් කලේ, ජෙප්පන්ට බණින තමුන්ලාගේ අය නුවර ප්‍රාලේ කාර්යාලයට ඇවිත් හාපු හැටි රටම දැක්කා. නගර සභාවේ තමුන්ලාගේ අය කරපු හැටි ඒකත් රටම දැක්කා...
ඔව්, ඉතින් ආණ්ඩුවට අඩි 10ක පාරක් හදලා මාධ්‍ය සංදර්ශන දාන්න තියෙනවනේ. මිනී වැළලුවා කියලා බ්රේක් ඩාන්ස් දාන්න බැහැනේ. මේක මොලේ අඩු මිනිස්සුන්ගේ ආණ්ඩුවක්.
අනේ දෙවියනේ! ඒ මිනිස්සුන්ට මැරුණ එක ගැන සතුටු වෙනවා ඇති මෙහෙව් නෑයෝ එක්ක ඉන්නවට වඩා.
කම්මැලියන්ගේ ගමක්