(අංජුල මහික වීරරත්න)
පාසල් සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා ලබාදීමේ වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ලංකාවේ සමස්ත ශිෂ්‍ය ජනගහනය මිලියන හතරක් පමණ වන අතර වැඩිවියට පත් ශික්ෂාවන් මිලියන 1.2 ක් පමණ සිටින බව ගණනය කර ඇත.
එම ශිෂ්‍යාවන් අතුරින් අති දුෂ්කර පාසල් ,දුෂ්කර පාසල්, හුදෙකලා පාසල් ,වතු පාසල් හා දරිද්‍රතා සිසු සිදුවියන් සහිත නාගරික පාසල්වල ඉගෙනුම ලබන ශිෂ්‍යාවන් 800000කට 2024 වර්ෂයේ අප්‍රේල් මස සිට ක්‍රියාත්මක වන පරිදි වාර්ෂිකව සනීපාරක්ෂක තුවා නොමිලේ ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ
COMMENTS
ඉදිරි ජනාධිපතිවරණය හා මහමැතිවරණය ඉලක්ක කරගෙන සනීපාරක්ෂක තුවාය පමණක් නොවෙයි යට ඇදුමත් නොමිලේ දෙන්න යෝජනා සමිමත කර ගනිවි. ඊට පස්සේ ඒවටත් එක්ක ආපහු ගෙවන්න වෙයි. ඒ නිසාම දැන් රටට අවශ්‍ය පිනට කන්න දෙන, නිකම් දෙන ආර්ථීක වැඩපිළිවෙළක් නොවෙයි රටේ නිශ්පාදන නන්වලා එකේ ප්‍රතිලාභ සාධාරණ ලෙස බෙදි යන සමාජ ආර්ථික හා දේශපාලන වැඩපිළිවෙළක් හා එවන් වැඩ පිලිවෙලකට නායකත්වය දිය හැකි ව්‍යාපාරයක් බලයට ගෙන ඒමය.
මෙහෙම ගියොත් සජිත් ට අනුරට කරන්න මොනවාද ඉතුරු වෙන්නේ?
ජන්දයක් කරපු හරියක්. ඔකුන්ගෙන් ගන්න දෙයක් මේ වෙලවේ තමයි. මතකනෙ 5000 වෙච්ච දේ
නිකන් දෙන්න ඕනෙ නෑ ඕකට ගහපු ටැක්ස් එක අයින් කලා නම්. ඵෑණු ගෙඩියෙ ඉදන් ගහන්න පුලුවන් තරම් ටැක්ස් ගහලා ජන්දේ ලං උනාම බොරුවට එනවා පෑඩ් බෙදන්න. ඔබතුමාගේ රට සවාරි වලටයි හෙලිකොප්ටර් සවාරි වලටයි යන වියදමෙන් මුලු රටේම දරුවන්ට කන්න දෙන්න පුලුවන්.
දැන් කව්රුහරි සනීපාරක්ෂක තුවා දෙන්න කියලා ඉල්ලුවාද? ඉල්ලුවේ ටැක්ස් අඩුකරන්න කියලා නේද? ඡන්දය තව ලංවෙනකොට සනීපාරක්ෂක තුවාය මාරු කරන්නත් එක්කෙනෙක් පාසලට දායි. මේ අය හැමදාම කලේ යන්නේ කොහේද මල්ලේ පොල් වැඩ... ඔයිට වැඩිය හොඳ නැද්ද සනීපාරක්ෂක තුවාවල ටැක්ස් අඩුකරලා, පාසල් පොත් ටිකක් දුප්පත් පාසල් ළමුන්ට නොමිලේ දුන්නා නම්... එච්චර මොළයක් කොහේද?