(නිමල කොඩිතුවක්කු)
ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ලෙස මෛත‍්‍රීපාල සිරිසේන මහතා අග‍්‍රාමාත්‍යවරයා ලෙස පත්කිරීමට සිටින ස්ථාවරයට අනුව ස්වාධීනව පාර්ලිමේන්තුවට පත්වූ මන්ත‍්‍රීවරයකුට වුවත් අග‍්‍රාමාත්‍යධූරය ලබා ගැනීමට හිමිකම ලැබෙතැයි මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වනනේ ජනාධිපතිට ලැදි හිතවත් හීලෑ පුද්ගලයා අගමැති බවට පත්කිරීම නොව පාර්ලිමේන්තුවේ බහුතර සහාය හිමිවන තැනැත්තා අග‍්‍රාමාත්‍යධුරයට පත්කළ යුතු බව යැයිද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩිදුරටත් පැවැසීය.
ඩී.බී විජේතුංග මහතා විධායක ජනාධිපතවරයා වශයෙන් තම පක්ෂයේ ප‍්‍රතිවාදිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මියත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සිය ප‍්‍රතිවාදියා වූ රනිල් වික‍්‍රමසිංහ මහතාත් අග‍්‍රාමාත්‍යධූර වලට පත් කළේ පුද්ගලික හිතවත් හෝ අමනාපකම් මත නොව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ප‍්‍රතිපාදන අනුව බව යැයි ද කිරිඇල්ල මහතා වැඩිදුරටත් කීවේය.
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සඳහන් කරන ආකාරයට රනිල් වික‍්‍රමසිංහ මහතා සමඟ වැඩකිරීමට නොහැකිනම් කළ යුත්තේ පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍යධූරයට පත් නොකර සිටීම නොව තම ජනාධිපතිකම අතහැර යාම යැයිද කිරිඇල්ල මහතා පෙන්වා දුන්නේය.
මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ අභිමතයට මේ අවස්ථාවේදී ඉඩදුන හොත් එය පූර්වාදර්ශයක් කරමින් අනාගතයේ පත්වන ස්වාධීන පුද්ගලයකුට වුවද ශ්‍රී ලංකාවේ අග‍්‍රාමාත්‍ය ධූරයට පත්වීමට හැකිවෙතැයිද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප‍්‍රකාශ කළේය.
නොරොච්චෝල පොලිස් බළ ප්‍රදේශයට අයත් දලුව තම්බපණ්නී නාවික අණු කණ්ඩය අසළ වෙරල තීරයට අද (3 ) දින සහල් උරයක ඇසුරූ කාන්තා මළ සිරුරක් සොයා ගත් බව නොරොච්චෝල පොල
පොලිස් අණ නොතකා පලාගිය මෝටර් රථයක් කොළඹ මහජන පුස්තකාලය අසලදී අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මෝටර් රථයේ ගැටී හානි සිදුකිරීම සම්බන්ධයෙන්
2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල
තරුණයන් පිරිසක් ගමන් ගත් ටිපර් රථයක් ඇල්ලේවැව මාර්ගයේදි පාරෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් අවුරුදු 18 ක තරුණයකු මියගොස්, තවත් තරුණයන්
ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටු
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ස්වාධීන මන්ත‍්‍රීවරයකුට වුවත් අග‍්‍රාමාත්‍යධූරය ලබා ගැනීමට පුළුවන්