(අංජුල මහික වීරරත්න)
ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලන්ගමුව මහතාත් ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ඒ. ඒ. ජේ. ප්‍රනාන්දු මහතාත් ගරු සේවා පදනම් මත පත් කිරීම පිණිස කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ව්‍යවස්ථාවේ (1) ව්‍යවස්ථාවෙි බලතල ප්‍රකාරව අමාත්‍ය මණ්ඩලයේ අදහස් විමසා සිය කාර්ය මණ්ඩලය පත් කිරීම පිණිස ජනාධිපති වෙත බලතල හිමිවී ඇත.
ඒ අනුව, 2024-09-24 දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ පත්කිරීම සිදුකර තිබේ.
COMMENTS
පුතා ආවානං ආරියාවත් උපදේශක ආරියාවගේ අම්මත් උපදේශක පඩිය කෝටියයි. ආරක්ෂාවට ගාඩ් එකට වාහන 100යි, හමුදාව 500 පොලිසියේ 500.. අපිට තියෙන්නේ ගෙවන්න..
ආදර්ශමත් මිනිස්සු රටේ නායකයෝ පවුල් පිටින් වැටුප් පෙන්ෂන් වාහන ගනිද්දී ඇත්තටම රටට ආදරේ කවුද කියලා පේනවා...
කාලකන්නි රනිල් නම් ඉස්සරවෙලාම දෙන්නේ පඩි සහ වාහන....
පඩි එපා ! අපිට ඔය කොළඹ අවටින් නිල නිවසකුයි , V8 එකකුයි, ඒක එලවන්න රියැදුරෙකුයි, එයාගේ පඩියයි, වාහනේට ඉන්ධන දීමනාවකුයි දුන්නාම හොඳටම ඇති...!
මා, 1978 අප්‍රේල් මස 17 දින සිට, II වන පන්තියේ රේගු නිලධාරියෙකු ලෙස සේවයට අනුයුක්තව වසර 36 අඛණ්ඩ සේවා කාලයකින් පසු 2014.07.08. දින මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලේ රේගු අධ්‍යක්ෂ ලෙස විශ්‍රාම ලැබුවෙමි. අමතරව, 2010.08.27.සිට 2015.01.08 දක්වා, ජනාධිපති කාර්යාලයේ රේගු කටයුතු පිළිබඳ උපදේශක තනතුරෙහි කිසිදු වරප්‍රසාදයක් අපේක්ෂාවෙන් තොරව ස්වේච්ඡාවෙන් ගරු සේවයක් ඉටු කලෙමි. නමුත්, 2011.07.25 දින සිට, එවක ජනාධිපති ලේකම්තුමාගේ දැනුම් දීමකට අනුව, ජනාධිපති කාර්යාලයේ රාජකාරි පැවරුම් සදහා යාම් ඊම් වෙනුවෙන් වැය වන ඉන්ධන පියවා ගැනීම සදහා යෝජිත රුපියල් 15,000/= ක ඉන්ධන දීමනාවක් මාගේ බැංකු ගිණුමට බැර කරන ලදි.
පක්ෂෙන් දීමනාවක් ගෙවනවා ඇති...!
ඉතා ආදර්ශමත් පාලනයක් ..
ඔවුන්ට ලැබෙන පහසුකම් මොනවාද. ඔවුන්ට රජයේ වාහනයක් ලැබෙනවාද?