IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


සෙලින්කෝ ලයිෆ් වාර්ෂික වාර්තාව CMA හොඳම සංකලිත වාර්තා 10 අතරට

සෙලින්කෝ ලයිෆ් 2020 වාර්ෂික වාර්තාව, ශ්‍රී ලංකාවේ සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනය (CMA) විසින් 7 වැනි වරටත් පිරිනමන ලද ‘CMA සංකලිත වාර්තාකරණ විශිෂ්ටතා සම්මාන’ වැඩසටහනෙහි එම වසරේ හොඳම සංකලිත වාර්තා 10න් එකක් ලෙස පිළිගැනීමට ලක් වී ඇත.

සමාගම විසින් හොඳම සංස්ථාපිත පාලන ක්‍රමවේද අනුගමනය කරමින් මූල්‍ය සහ මූල්‍ය නොවන යන දෙඅංශයෙන්ම තම පාර්ශ්වකරුවන්ට අගයක් එකතු කළ ආකාරය පිළිබඳව අවබෝධයක් ලබා දෙන ‘ඩිරිස්කින් ද ෆියුචර්’ (Derisking the Future) නමැති වාර්ෂික වාර්තාව සඳහා මෙම සම්මානය දිනාගෙන ඇත.

සම්මානලාභී සෙලින්කෝ ලයිෆ් 2020 වාර්ෂික වාර්තාව නිර්මිත වාර්තාකරණ රාමු වූයේ මූල්‍ය වාර්තාකරණය, සංකලිත වාර්තාකරණය, සංස්ථාපිත පාලන වාර්තාකරණය සහ තිරසාර වාර්තාකරණයයි. වාර්තාවේ මුද්‍රිත පිටපත් අඩු කිරීමේ උත්සාහයක් ලෙස, කොටස් හිමියන්ට සහ අනෙකුත් පාර්ශ්වවලට සමාගමේ වෙබ් අඩවියෙන් වාර්තාව බාගත කිරීමට හෝ QR කේතයක් ස්කෑන් කිරීමෙන් ඔවුන්ගේ ඉලෙක්ට්‍රොනික උපාංග හරහා වාර්ෂික වාර්තාව සහ මූල්‍ය ප්‍රකාශ වෙත ප්‍රවේශ වීමට හැකියාව ලබා දෙන ලදී.

2021 වසරේ ශ්‍රී ලංකාවේ වඩාත් වටිනා ජීවිත රක්ෂණ සන්නාමය ලෙස බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් විසින් නම් කරන ලද සෙලින්කෝ ලයිෆ් 2021 වසරේදී ස්ලිම්-නීල්සන් විසින් අඛණ්ඩව 15 වන වසරටත් මෙරට වඩාත්ම ජනප්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙසින්ද තෝරාගන්නා ලදී.

-සටහන- චමින්ද මුණසිංහ



අදහස් (0)

සෙලින්කෝ ලයිෆ් වාර්ෂික වාර්තාව CMA හොඳම සංකලිත වාර්තා 10 අතරට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 352 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site