(තුසිත කුමාරද සිල්වා)
දර්ගා නගරය,මීගම,තොටුපොල පාර ලිදමුල්ලගේවත්ත, උඩුගම ලදුකැලැවේ ඇති උණ පදුරක් අසල සඟවා තිබු ජීව උණ්ඩ සහිත බෝතලයක් හමු වී ඇතැයි වැලිපැන්න පොලීසිය කියයි.
සරුංගලයක් සෑදීමට බට කැපීමට කැලයට ගිය වයස අවුරුදු 08ක් සහා 13 දරුවන් දෙදෙනෙකුට මෙම ජීව උණ්ඩ සහිත බෝතලය අද(13) හමුවී තිබේ.
දරුවන් දෙදෙනා වීදුරු බෝතලයේ ටීක් බෝල යැයි සිතා විවෘත කර ඇති අතර පතුරම් බව වටහාගෙන එය තම දෙමාපියන්ට පවසා ඇත. පසුව එය පොලීසියට දැනුම් දීමට පියවර ගෙන තිබේ.
වැලිපන්න පොලිසිය මගින් අලුත්ගම විශේෂ කාර්ය බළකායද කැදවා අවට පරීක්ෂා කර ඇත.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
සරුංගලයට බට කපන්න ගිය දරුවෝ උණ්ඩ බෝතලයක් සොයා ගනිති
maalaka Wednesday, 13 August 2025 12:45 PM
දැන් හැමතැනම පරීක්ෂණ කරගෙන යන නිසා අපරාධකාරයෝ තමන්ගේ තියන අවධානය නොයෙක් තැන් වල අතහැරලා දානවා
ගුණරත්න Wednesday, 13 August 2025 05:38 PM
මේවා අතැරලා දාපු ආයුධවලට වඩා ආණ්ඩුව මිනිස්සුන්ගේ අවධානය වෙනතක යොමු කරන්න හදන උත්සාහයක් වගෙයි. මොකද ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිට විරුද්ධව දෝෂාභියෝගයක් ඇවිල්ලත් තියෙනවා