IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


සිරස මාධ්‍යවේදීන්ට පහරදුන් එස්.එස්.පී.ගේ වැඩ තහනම්

(ඉන්දිකා රාමනායක)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවස ආසන්නයේ දී ඉකුත් (9) ඇති වු සිද්ධිය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ කාර්ය බළකායේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොමේෂ් ලියනගේ මහතා වාහාම ක්‍රියාත්මක වන පරිදි වැඩතහනම් කර ඇත.

මාධ්‍යවේදීන්ට පහර දීම වැලැක්වීමට කටයුතු නොකිරීම, ආයතන සංග්‍රහය මගින් පොලිස්පතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව හා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම වැඩතනම ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

විශේෂ කාර්ය බළකායේ අගමැති ආරක්ෂ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස ඔහු කටයුතු කළේය.



අදහස් (7)

සිරස මාධ්‍යවේදීන්ට පහරදුන් එස්.එස්.පී.ගේ වැඩ තහනම්

Bunny Preena Monday, 11 July 2022 01:11 PM

වැඩ තහනම් කරලා විතරක් මදි... මාධ්‍යෙව්දීන්ට සලකපු ආකාරයට මෙයාටත් සලකන්න තියෙන්නේ...

:       5       19

Perera Monday, 11 July 2022 01:40 PM

බොහොම හොඳයි, හැබැයි දේශබන්දුවට එරෙහිව ඔවැනිම පියවරක් ගන්නත් කොන්දක් නැහැ.

:       4       21

malaka Monday, 11 July 2022 01:44 PM

වැඩ තහනම් කරලා වැඩේ අමතක වුණාම ඇරියස් පඩි එකපාර ගෙවලා ආයේ ජොබ් එක දෙනවා.

:       4       19

BamunuarachchiMonday, 11 July 2022 02:31 PM

ssp මහත්තයෝ ඕවා ගනන් ගන්න එපා. වැඩිය දඟලන අයට තඩිබාන එක රාජකාරියේ කොටසක්. අපි දන්නවනේ එයාලගේ හැසිරීම කොහොමද කියලා.

:       9       4

සමිත සේනක අලුත්ගමගේ. Monday, 11 July 2022 02:29 PM

මේ අමානුෂික ප්‍රහාරය ගැන නීති මගින්ද කටයුතු කළ යුතුයි. රටක විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය ළඟට තියෙන්නේ ජනමාධ්‍ය බව මේ පොලිස් නිලධාරීන්ට වටහා දිය යුතුයි. රටක ජනමාධ්‍ය යනු සිව්වැනි ආණ්ඩුව (forth state) බව දැන් හෝ තම නිලධාරීන්ට කියාදෙන ලෙස පොලිස්පති තුමාගෙන් ඉල්ලා සිටිමු.

:       1       8

ලුම්බිණි Monday, 11 July 2022 03:24 PM

මොහුට විරුද්ධව නීතිමගින් කටයුතු කළ යුතුයි...

:       0       0

susil Monday, 11 July 2022 05:19 PM

ඇත්තටම ඒ පහර දීම කළ කෙනා නම් තිරිසනෙක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 880 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 377 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site