
(සුජිත් හේවාජුලිගේ )
විශ්ව විද්‍යාල සඳහා නේවාසිකාගාර 55ක් අලුතින් ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
ඒ සඳහා මුදල් ප්රතිපාදනද වෙන් වී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.
විශ්ව විද්‍යාල බොහොමයක නේවාසිකාගාර ප්‍රශ්න උග්‍රවී පවතින බව වාර්තාවේ.
ඒ සම්බන්ධයෙන් උපකුලපතිවරුන් සමග ළඟදීම සාකච්ඡා කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනවිරත්න මහතා පැවසුවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් විස්තර කියන්න අවශ්‍ය නැහැ. කොටින්ම කිව්වොත් 2026 අයවැයෙන් වෙන්කරපු බිලියන 700න් (ද.දෙ.නී 2%), බිලියන 1.5 ක් පමණ වෙන්කරලා තියෙනවා තෝරාගත් ප්‍රදේශවල නව නේවාසිකාගාර ඉඳිකිරීමට. මේ කියන විදිහට 55 ක් හදනවා නම් එකකට මිලියන 27 (ලක්ෂ 270) වගේ තමයි වෙන් කරන්න වෙන්නේ. සාමාන්‍ය ගෙයක් වගේ හුන්ඩුවක් නම් හදන්න පුළුවන් වෙයි. ඒ වගේම මේ අයවැයෙන් නව වුර්තීය පුහුණු මධ්‍යස්ථාන 50 හදන්න යෝජනා තියෙනවා. සමහර විට මේ පිළිබඳව ද දන්නේ නැහැ විශ්ව විද්‍යාල නේවාසිකාගාර කියලා කිව්වේ. කියන්නා කෙසේ වෙතත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතු වගේම ලියන්නාත් යම් යම් තොරතුරු පිළිබඳව ද අවබෝධයක් තිබීම පාඨකයන්ට නිවැරදි තොරතුරු දැන් ගැනීමට මහගු උපකාරයක් වේ.
100% නිදහස් අධ්‍යාපනය දෙනවා වගේම, ඒවායින් බිහිවෙන අය ගෙන් රටට සේවයක් ගන්න , නැතිනම් අපරාධ සල්ලි. උපන් දා ඉඳල හදල , නිකන් උගන්වල අන්තිමේට ,ඒවායින් ප්රජෝයන ගන්නේ ඕස්ට්‍රේලියාව....