කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීමේ හෙද නිලදාරිනී පුෂ්පා රම්‍යාණි සොයිසා
ජීවිතය ජීවත් කරවන්නේ හුස්ම පොදයි. මේ හුස්ම අපි ලබා ගන්නේ ප්‍රධාන වශයෙන් නාසයෙන් වන අතර එය සමහරවිට මුඛයෙන්ද ලබා ගනී. අප බාහිරයෙන් ගන්නා හුස්ම ,ස්වසන මාර්ගය ඔස්සේ පෙනහලු කරා ගමන් ගනී.ඒවායේ ඉතා කුඩා කොටස් වන ගර්ථ දක්වා ගොස් අදාල රුධිර වාහිනියේ ඇති කාබන්ඩයොක්සයිඩ් සහ අප හුස්ම මගින් ලබා ගත් ඔක්සිජන් වායු හුවමාරු වීමක් සිදු වේ. එහෙත් ශ්වසන රෝගවලදී පෙනහලුවලට ඇති වන බලපෑම නිසා ඔක්සිජන් හුවමාරුවට රෝග බාධාවකි.
කොව්ඩ් රෝගයේ බලපෑමත් පෙනහලුවලට නිසා ඔක්සිජන් හුවමාරුවට මෙය ඝෘජුව බලපෑමක් ඇති කරයි. එවිට ශරිරය තුළ ඔක්සිජන් ප්‍රතිශතය අවම වීම හෝ නොමැති වීමේ ලක්ෂණ මතු වීමට පටන් ගැනේ.
රුධිරයේ ඇති ඔක්සිජන් සාන්ද්‍රණය අඩු වීම ලක්ෂණ කිහිපයක් ඔස්සේ හඳුනා ගත හැකියි.එහෙත් මේ ලක්ෂණ වෙනත් රෝග අවධානමකදීත් දකින්නට පුලුවන්.
1. කෙටි කාලයක් තුළදී වැඩි වාර ගණනක් හුස්ම ගැනීම (ඉක්මනින් හුස්ම ගැනීම) - Shortness of Breath
2. ශරීරයේ ශක්තිය අවම වීම Lack of Energy- තමා හොදින් ආහාර පාන අරගෙන තිබුණත් ඇඟට පණ නැති කම
3. නිතර ඈනුම් යාම - මෙයට වෙනත් කරුණූද බලපෑ හැකියි
4. රුධිර පීඩනය වැඩිවීම- ශරීරයේ විවිධ කොටස්වලට ඔක්සිජන් අඩු වන විට හදවත ඉක්මනින් රුධිරය පොම්ප කර එම ස්ථානය කරා යැවීමෙන් මෙම තත්ත්වය හට ගනී.
5. කරකැවිල්ල, ක්ලාන්තය -රුධිරයේ ඔක්සිජන් ප්‍රතිශතය අඩු වන විට දැකිය හැකියි
6. මානසික ව්‍යාකූලත්වය
මේ දිනවල කොවිඩ් රෝගයත් සමඟම‘ Pulse Oxymeter ‘මීටරය ගැනත් බොහෝ දෙනා කතා කරනු ලැබේ. Pulse Oxymeter (පල්ස් ඔක්සිමීටර් ) යනු ඔබේ සිරුරේ රුධිරයේ ඔක්සිජන් මට්ටම මැනීම සඳහා වන ආක්‍රමණශීලී නොවන සහ වේදනා රහිත පරීක්ෂනණයකි.
කොවිඩ් ආසාදිත වැඩිහිටි පුද්ගලයන්ට සේම දරුවන්ටද මෙය එකසේ වැදගත් වනු ඇති.
එවන් උපකරණ නොමැති අය සහ එය මිලදී ගැනීමට නොහැකි අය එය අත්‍යවශ්‍ය ලෙස නෙසිතන්න.
එය මිලදී ගත් අය ඇත්නම් ඔබේ දැණුමට මෙය ඉදිරිපත් කරමි.
එය හදවතේ සිට පාදාන්තය දක්වා ගලා යන රුධිරයේ ඇති ඔක්සිජන් ප්‍රතිශතය වේගයෙන් හඳුනාගත හැකි උපකරණයකි.
එය භාවිත කරන ආකාරය...
පියවර 1: නිය ආලේපන හෝ ව්‍යාජ නියපොතු ඉවත් කර ඔබේ අත උණුසුම් කර ගන්න.
පියවර 2: ඔබේ මිනුම ගැනීමට පෙර අවම වශයෙන් විනාඩි 5 ක්වත් විවේක ගන්න.
පියවර 3: හෘද මට්ටමින් ඔබේ පපුව මත අත තබා නිශ්චලව තබා ගන්න
පියවර 4: පල්ස් ඔක්සිමීටරය ක්‍රියාත්මක කර ඔබේ මැද හෝ දබර ඇඟිල්ල ඒමත තබන්න.
පියවර 5: කියවීම ස්ථාවර වීමට කාලයක් ගත වේ, කියවීම ස්ථාවර නොවේ නම් අවම වශයෙන් මිනිත්තුවක් හෝ ඊට වැඩි කාලයක් ඔක්සිමීටරයේ ඇඟිල්ල තබා ගන්න.
පියවර 6: තත්පර 5 ක් වෙනස් නොවූ පසු ඉහළම ප්‍රතිඵලය වාර්තා කරන්න.
පියවර 7: සෑම කියවීමක්ම හොඳින් හඳුනා ගන්න
එය අවම මට්ටමක්නම් පවුලේ වෙනත් අයකුගේද පරීක්ෂා කර බලා නිවැරැදිතාව තහවුරු කර ගන්න. මේ වනවිට වෙළෙඳපොළේ ව්‍යාජ උපකරණද භාවිත වන බැවින් නිවැරැදිම උපකරණය තෝරා ගැනීම වැදගත් වේ.
පියවර 8: මූලික අවස්ථාවේ සිට පරීක්ෂා කිරීම ආරම්භ කර දිනකට තුන් වරක් හෝ පරීක්ෂා කරන්න. කොවිඩ් ආසාදිත දරුවන්ටද පසු රෝගී තත්ත්ව ආදියට අවදානමක් ඇති වන බැවින් දරුවන්ගේ වුවද දිනකට දෙතුන් වතාවක් ඔක්සිජන් ප්‍රතිශතය මැන බැලීමේ වරදක් නොමැත.
ඔබේ සෞඛ්‍යයේ වෙනසක් දැනෙනවා නම් ඔක්සිජන් ප්‍රතිශතය 95% ට වඩා අඩුනම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
මෙවැනි උපකරණයක් නොමැති වුවද රෝගියා අවදානම් මට්ටමක පසුවන බවට පළවන ඉඟි කිහිපයකි. එනම් ඉක්මනින් සහ වේගයෙන් හුස්ම ගැනීම, සුළු වැඩක් කළද දැනෙන හතිය ගතිය උදාහරණ ලෙස දැක්විය හැකියි. මෙවන් සංඥා අවතක්සේරු නොකර වෛද්‍ය උපදෙස් ගන්න.
-සටහන- මාධවී ධර්මරත්න
ඉන්දීය ආරක්ෂක අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවක වන අරුමාහන්දි ජනිත් මදුසංකද සිල්වා නොහොත් පොඩි ලැසි නමැත්තාගේ නැන්දනිය, අම්බලන්ගොඩ රාජ්‍ය
ගොඩකවෙල ප්‍රාද්ශීය සභාවට පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙන අපේක්ෂකයකු හා ඔහුගේ සහෝදරයකු බව කියන පුද්ගලයකු ගෝඩා මිලි ලීටර් පන් ලක්ෂ විසි දහසක් කසිප්පු මිලි
2025 මැයි දිනය සමරන්නේ අපේ ආණ්ඩුව යටතේ බව 2024 වසරේ මැයි දිනයේදී අනුර සහෝදරයා කිව්වා. අප දැන් ඒ පොරොන්දුව ඉටුකර තිබෙනවා යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූ
වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා
සබරගමු සරසවියේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිව් නසා ගැනිමට නවක වද සිද්ධියක් හේතු වූයේ දැයි සෙවිමට විශ්ව විද්‍යාල ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇතැයි සබර
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
සිරුරේ ඔක්සිජන් අඩු බව අඟවන ඉඟි
fairoos Monday, 30 August 2021 07:48 PM
ඉතාම වැදගත්
RM Anura somasiri Tuesday, 21 September 2021 10:29 PM
ඉතාමත් වැදගත්