
(අංජුල මහික වීරරත්න)
රටේ ජනපතිගේ මෑණියන් ගමේ රෝහලේ ප්‍රතිකාර ලැබීම මෑත ඉතිහාසයේ දකින්නට ලැබුණු අරුම පුදුම සිදුවීමක් බව ඕමල්පේ සෝභිත හිමියෝ පැවැසූහ.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන ජනාධිපති අනුර දිසානායක මහතාගේ මෑණියන්ට ආශිර්වාද කිරීම සඳහා රෝභිත හිමි ඇතුළු මහා සංඝරත්නය අද (23) එහි වැඩම කිරීමෙන් අනතුරුව මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් සෝභිත හිමියෝ මෙසේද කීහ.
"අද අප මෙහි ආවේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ 18 වන වාට්ටුවේ සිටින ලෙඩෙක්ට ආශිර්වාද කරන්නයි.ඒ ලෙඩා වත්මන් ජනාධිපති අනුර දිසානායක මහතාගේ මෑණියන්.අත්තංගනේ රතනපාල නාහිමියන් ඇතුළු අප ගොස් එතුමියට සෙත් ප්‍රාර්ථනා කළා.
රටේ ජනාධිපතිවරයාගේ මෑණියන් සාමාන්‍ය රෝහලක ප්‍රතිකාර ලැබීම මෑත ඉතිහාසයේ අරුම පුදුම සිදුවීමක් ලෙස හැඳින්විය හැකියි.අප බලාපොරොත්තු වන "සිස්ටම් චේන්ජ්" එක මෙයයි.
තම මෑණියන් තම ගමේ රෝහලට ඇතුලත් කොට ප්‍රතිකාර ලබාදීම ජනාධිපති තුමාගේ ආදර්ශවත් ක්‍රියාවක් බව කිව යුතුයි.
මීට පෙර ප්‍රධාන දේශපාලනඥයන්ගේ ඥාතීන් ප්‍රතිකාර ගත්තේ කොළඹ ප්‍රධාන රෝහලක හෝ පිටරටයි.මෙය අප රටේ සෞඛ්‍ය සේවය පිළිබඳ විශ්වාසය ඇති කිරීමක් ලෙසද සැලකිය හැකියි.පසුගිය රජයන් වල අය කටයුතු කළේ සෞඛ්‍ය සේවයේ විශ්වාසය බිඳ වැටෙන අයුරින්. ජනපති දෙන මේ ආදර්ශය මැති ඇමතිවරුන් මෙන්ම ඇති හැකි සියලු දෙනා විසින් ලබාගත යුතුයි.
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සෝභිත හිමියෝ ජනපති මවට ආශිර්වාද කරන්න යති
Manura srimanna Monday, 23 December 2024 10:34 PM
අන්න එහෙම තමයි රටේ නායකයා ආදර්ශය දෙන්න ඕනේ..
Toni Wednesday, 25 December 2024 02:16 PM
සංදර්ශන නේද අපේ හාමුදුරුවනේ....