IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


සේද මාවතේ මගී නිෂ්කාශන කටයුතු නවතියි

 

(ටී.කේ.ජී.කපිල)

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ මුදල් ගෙවා ප්‍රභූවරුන් සිය ගුවන් ගමන් පහසුකම් සළසා ගන්නා " සේද මාවත " ( Silk Route ) මගී නිශ්කාශන පර්යන්තයේ රාජකාරී කටයුතුවලින් අද අලුයම 12.00 (00.00) සිට නැවත දැනුම් දෙන තුරු ඉවත් වීමට ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇති බව  එහි සභාපති කේ.ඒ.ඒ.එස්.කණුගල මහතා පවසයි.

ශ්‍රී ලංකාව තුළ මේ වනවිට පවතින අස්ථාවර , අර්බුදකාරී වාතාවරණය සැලකිල්ලට ගනිමින් සහ චෝදනාවට ලක් වූ හිටපු දේශපාලන ප්‍රභූවරුන් විශාල වශයෙන් රටින් පිටවීමට මෙම සේද මාවත නිශ්කාශන පර්යන්තය භාවිතා කිරීමට ඉඩකඩ ඇති නිසා තමන් මෙම පියවර ගත් බව කණුගල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය .

ලෝකයේ වෙනත් බොහෝ රටවල මෙවැනි මුදල් ගෙවා භාවිතා කරන ප්‍රභූ පර්යන්ත , එම ගුවන් තොටුපළ තුළ පවත්වා ගෙන යාමක් සිදු නොවන බවට තොරතුරු වාර්තා වේ .

 

 



අදහස් (6)

සේද මාවතේ මගී නිෂ්කාශන කටයුතු නවතියි

sharm warn Tuesday, 12 July 2022 08:56 AM

අන්න හරි. හොරුන්ට ලොකු කම් පෙන්නගෙන පනින්න දෙන්න එපා.. නිළධාරීන් මහතුනි ඔබලගෙ ක්‍රයාව අපි අගය කරනව.

:       1       42

janahitha Tuesday, 12 July 2022 10:09 AM

ගරුකරනව

:       0       0

jayasekara Tuesday, 12 July 2022 10:23 AM

නියම වැඩේ. ඔය කට්ටියට ඔහොම්ම තමයි කරන්න ඕනෑ. රට කාලා තව රටින් ලස්සනට පනින්නත් හදනවා.

:       0       0

තිලක් Tuesday, 12 July 2022 10:31 AM

හොඳ තීරණයක් සතුටුයි ගෞරවණීය ස්තුතිය සැමටම

:       0       0

Anupa Tuesday, 12 July 2022 11:11 AM

හොරුන්ට පනින්න දෙන්න එපා...!!!

:       0       0

කිරි පුතා Tuesday, 12 July 2022 11:52 AM

මෙය මහා ලොකු වීර කමක් ලෙස දකින්නට ඇතැමුන්ට හැකිය. දැනටමත් ඩුබායි ගුවන් සේවය ලංකාවට ඒම නතර කර ඇත. තව තවත් වීර කම් පෙන්වා මේ රට නැත්තටම නැති කිරීම සඳහා සියලු ගව කුළයට අයත් සතුනට අවස්ථාව ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 883 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 380 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site