( බී.ජී. චතුරංග)
නාච්චාදූව මඩවලගම ග්‍රාම සේවා වසමේ අතුරු වැල්ල ප්‍රදේශයේ පැවැත්වූ නීති විරෝධී මත්පැන් සාදයකදී, සැක කටයුතු ලෙස පුද්ගලයෙක් මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව හිදෝගම පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ නාච්චාදූව අතුරුවැල්ල සහ අනුරාධපුර ගල් කුලම යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 30ත් 34ත්, අතර වියේ පසුවන පුද්ගලයන් සිව් දෙනෙකි.
මෙහිදී ජීවිතක්ෂයට පත්ව තිබුණේ නාච්චදුව අතුරු වැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි ටිකිරි බණ්ඩාගේ විජේකෝන් බණ්ඩාර නමැති හැට අට හැවිරිදි පුද්ගලයෙකි.
නාච්චාදූව අතුරු වැල්ල ප්‍රදේශයේදී පිරිසක් කසිප්පු පානය කරමින් සිට ඇති බවත් එම සාදය සඳහා අට දෙනකු පමණ සහභාගි වී ඇති බවත් පසුව ඉතිරිව ඇත්තේ මරණකරු සහ තවත් පුද්ගලයකු බව පොලිසිය කියයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.