(අංජුල මහික වීරරත්න)
සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 25 දෙනෙක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
එම මන්ත්‍රීවරුන් අතුරින් එකොළොස් දෙනකු අද(11)රාත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා සමඟ විශේෂ
සාකච්ඡාවකට ද සහභාගී වී ඇත.
රට මුහුණ දී සිටින දැවැන්ත අර්බුදයෙන් ගොඩ ඒම සඳහා දැක්මක් සහිත නායකයෙකු අවශ්‍ය බව එම මන්ත්‍රීවරුන් සඳහන් කර ඇතැයි ද දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරයි.
.
COMMENTS
සජිත් පුතා එදා ඇතුළේ ඉඳන්ම කෑවා.. අදවත් අන් අයට ඒ ගැන අවබෝධ වීම ඒ අයට කෙසේවෙතත් රට සෙතක් වනවා නොඅනුමානයි.
වර්තමාන ජාතික අර්බුද අවස්ථාවකදී කළ යුත්තේ ජනතාව වෙනුවෙන් දේශපාලනික මතවාදයන් වෙනුවට, අද කළ යුතු හොඳම දේ අද කිරීමයි. ඒ සමග නව ක්‍රමවේදයක් සමග රට නිසිමගට ගැනීමට කටයුතු කිරීමයි...
පුදුම රටක්... 6 වතාවක් අගමැති කරලා රට වෙන්දේසි කරපු කෙනාට දැන් කියනවා රට ගොඩ ගන්න ඉන්න නායකයා රනිල් කියලා... දෙයි හාමුදුරුවනේ, මේවා කාට කියන්නද ? MCC දෙන්න හදනකොට පොළවේ පස් කෑවේ රට මැද කොරිඩෝවක් හදනවා කියලා... එහෙම කියලා දැන් රට ගොඩ ගන්නවලු...!
රනිල්ටත්, මොවුන්ටත් ලැජ්ජාවක් නැහැ.
පුදුමයි මේ විදිහට ගැහැණු මාරු කරගන්නේ නැති එක...
අපි හැමෝටම ස්ථාවර රජයක් සහ රටක් අවශ්‍යයි. ඒ නිසා යහපාලන ආණ්ඩුවේ මෛත්‍රී සමඟ ද්‍රෝහී ක්‍රියා පසෙකලා අපි එකමුතු විය යුතුයි! 2005-2014 කාලයේ මහින්දට එරෙහිව ජනාධිපති කොමිෂන් වාර්තාව දෙන්නම කුලියට ගත්තා!
මෙතෙක් කලක් ඇදපු රටක් තියේදැයි අහන්න ඕනේ ඔය රනිල්ගෙනුයි, සහාය දෙන අයගෙනුයි...