(අංජුල මහික වීරරත්න)
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග රටේ ආර්ථිකය සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීමට ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා සූදානම් බව ජාජබ ජාතික සංවිධායක සුනිල් හඳුන්නෙත්ති මහතා මාධ්‍ය හමුවකදී අද (2)පැවසීය.
රටේ ආර්ථිකය සම්බන්ධයෙන් විවාදයකට එන්නැයි සමගි ජන බලවේගයේ කීපදෙනෙක් ආරාධනා කර තිබූ බව කී සුනිල් හඳුන්නෙත්ති මහතා එම ආරාධනාව සතුටින් පිළිගන්නා බවද සඳහන් කළේය.
එම විවාදය වඩා ප්‍රතිඵලදායක වන්නට නම් මාධ්‍යවල කියවන්නේ නැතිව ලිඛිතව ආරාධනාවක් කරන්නැයි ඉල්ලා සිටින බවද හඳුන්නෙත්ති මහතා කීය.
ජාතික ජන බලවේගයට විවාදයකට ආරාධනා කරන හර්ෂ,එරාන්,කබීර් වැනි අය කලින් කලට තැනින් තැන සිටින හෙයින් පක්ෂ දෙකේ නායකයන් වන අනුර සහ සජිත් සෘජුව විවාද කිරීම වඩා වැදගත් වන බව ද හඳුන්නෙත්ති මහතා සඳහන් කළේය.
සජිත් ප්‍රේමදාස මහතාට එම විවාදයට එන්නට බැරි නම් ඒ බව ලිඛිතව දැනුම් දෙන්නැයි කී හඳුන්නෙත්ති මහතා ඉන් පසුව ඒ විවාදය කරන්නේ කෙසේදැයි කතා කර ගන්නට හැකියාව තිබෙන බවද සඳහන් කළේය.
ජාතික ජන බලවේගයේ පැලවත්ත කාර්යාලයේදී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ, එයා එක්ක නම් විවාදවලට යන්න එපා. රෑ ඉස්කෝලේ ගිහින් ඉගෙනීම ලබලා තියෙන්නේ...!
ඔව්. අනුර අයියාගෙයි සජිත්ගෙයි විවාදයකුත් තියමු. හර්ෂ දි සිල්වයි ජේ.වී.පී. එකේ අනාගත මුදල් ඇමති අතරයිත් විවාදයක් තියමු. වඩා හොද වෙන්නේ දෙවෙනි විවාදේ.
වටේ ඉන්න මිනිස්සු උසි උසි කිව්වට වලියට යන්න වෙන්නේ දඩෝරියටනේ
බැරිකම වහන්න මොනවහරි හේතු පෙන්වනව.
ඔබ ඉදිරිපත් කරන වැඩ සැලැස්මක් නොමැතිව විවාදයක් කරන්නේ කෙසේද?
දැන් එතකොට දුරකථන ආණ්ඩුවක් අවොත් මුදල් ඇමති සජිත්ද.මාලිමා ආණ්ඩුවක් ආවොත් මුදල් ඇමති අනුරද.නැත්නම් මේ මාලිමාව කරන්නෙ අභියෝගයෙන් පලායාමක්ද.
හැම පක්ෂයේම ආර්ථික කමිටු තියනවා. ආර්ථික කමිටුවයි සන්වාදෙට එන්න ඕනේ
සජියගෙ බුද්ධි මට්ටම බලාගන්න හොඳ අවස්ථාවක්. තියෙන ඡන් ද ටිකටත් කෙලවෙන වැඩක්.
ගොබ්බ සජියට පුළුවන් ද අනුර එක්ක විවාද කරන්න. ආර්ථිකය ගැන?
මේ විවාදෙ කවදා කොතනක හෝ කොහොම තිබ්බත් විවාදෙන් අනුරත් සජිතුත් දෙදෙනාම පරදිනවා, අන්තිමට ජයග්‍රාහකයා වෙන කෙනෙකේ. දෙදෙනාගේ බුද්ධි මට්ටමයි මේ ප්‍රවෘත්තියෙන් පෙන්වන්නෙ.
යොජනාවට ප්‍රතිවිරුද්ධ යොජනාවක්, අභියෝගයට ප්‍රතිවිරුද්ධ අභියෝගයක්. මෙකයි දෙශපාලනෙ. ජනතාව රැවටෙනවා.
මැටි හරකෙක් ගොන් නාම්බෙක් සමග වාද කරයි.
ඔක්කොම කට්ටිය බොරු කයිවාරු ගහන්නේ නැතිව වැඩපිළිවෙළ මොකක්ද කියන එක සවිස්තර නීත්‍යානුකූල ලියවිල්ලක් විදිහට ජනතාව අතට පත්කරන්න. එතකොට රැස්වීම්, අරවා මේවා වැඩක් නැහැ. ඡන්දෙ දෙන්නේ කාටද කියලා තීන්දු කරන්නම්... රැස්වීම්වලට සෙනග අද්දවලා ඡන්ද ගන්න හිතුවට වැඩක් වෙන්නේ නෑ...
ලපයාත්... පුතාණෝ වගේම ඵලොවටත් නැති, මෙලොවටත් නැති, ජෙප්පන්ගේ රෙදි සෝදන, තමනුත් මෙලොවට සාපයක්...!